-0.8 C
New York

තෙල් නැව්වලට ප්‍රමාද ගාස්තු ගෙවා, ආණ්ඩුවේ ලොක්කෝ ඩොලර් ගසාකති

Published:

නැව් වළට ප්‍රමාද ගාස්තු ගෙවීම ආණ්ඩුවේ ප්‍රබලයන් පිරිසක් මුදල් ඉපයීමේ ජාවාරමක් බවට පත්කරගෙන ඇතැයි ඉන්ධන, විදුලි වරාය සමගි වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත පවසන්නේ පුරා දින 37ක් කොළඹ වරායට නුදුරින් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම් ලා ඇති ඉන්ධන නැවකට ප්‍රමාද ගාස්තු ගෙවමින් සිටින අතරතුර ක්ෂණික මිල දී ගැනීම් ලෙස පසුගිය 25 වැනි දා තවත් ඉන්ධන නැවක් ගෙන්වාගෙන එයටත් දිනකට ඩොලර් 100,000ක් බැගින් ප්‍රමාද ගාස්තු ගෙවන බවයි.

ජාත්‍යන්තර මුහුදේ මාර්තු 28 වැනි දා සිට නැංගුරම් දා ඇති නැවට දිනකට ඩොලර් 18,000 බැගින් ගෙවන බවත් එය මෙතෙක් ඉතිහාසයේ වැඩිම දින ගණනක් ප්‍රමාද ගාස්තු ගෙවූ නැවට හිමි වාර්තාවද තබනු ඇතැයි ආනන්ද පාලිත පවසයි.

නැවකට ගෙවිය යුතු උපරිම දෛනික ප්‍රමාද ගාස්තුව ‍ඩොලර් 25,000ක් වුව ද ක්ෂණික මිල දී ගැනීම් ලෙස ගෙන්වාගත් නැවට දිනකට ඩොලර් 100,000ක් ප්‍රමාද ගාස්තු ගෙවීමට ගිවිසුම්ගත වී ඇති බව ද එම වෘත්තීය සමිති පෙන්වා දෙයි.

මෙය ජාවාරමක් බව ද මේ වසරේ දී පමණක් ඉන්ධන නැව් 08කට මේ වනවිට ප්‍රමාද ගාස්තු ගෙවා ඇති බව ද ආනන්ද පාලිත කීවේය.

Related articles

Recent articles

spot_img