-0.8 C
New York

පිටස්තර පිරිසක් පොලිසිය සමඟ ගැටුමකට උත්සාහ ගනී. විශ්වවිද්‍යාල සිසුන් කොටු කිරීමේ ආණ්ඩුවේ සැළැස්මක් ?

Published:

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසළ දී පොලිසිය සමඟ ගැටුමක් ඇතිකර ගැනීම සඳහා විශ්වවිද්‍යාල සිසුන් නොවන ආරක්ෂක අංශයකයැයි සැක සිතන පිරිසක් පැමිණ ඇතැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ප්‍රකාශකයෝ කියති.

විශ්වවිද්‍යාල සිසු සිසුවියන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග අවහිර කළ ද පොලිසිය සමඟ කිසිදු ගැටුමකට නොගිය බවත් නමුත් බාහිරින් පැමිණි පිරිසක් පොලිසිය සමඟ ගැටුමක් ඇතිකරගැනීමට උත්සාහ ගනිමින් සිටින බවත් ඔවුන් එක්තරා ආරක්ෂක අංශයක සාමාජිකයන් යැයි සැකයක් පවතින බවත් ඔවුහු ප්‍රකාශ කරති.

මේ අතර පාර්ලිමේන්තු මාර්ගයේ විශ්වවිද්‍යාල සිසුන් සිටින ස්ථානයේ තිබී මුදල් පසුම්බියක් සිසුන් විසින් අහුළාගෙන ඇති අතර එහි ඇවන්ගාර්ඩ් නමැති ආයතනයේ සේවක හැඳුනුම්පතක් ඇති බව ද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

පොලිසිය වරක් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ ද සිසුන් එම ස්ථානයෙන් ඉවත්ව නොගිය අතර පොලිස් බාධක කඩා දැමීමට ද උත්සාහ ගෙන නැත. නමුත් දැන් එම ස්ථානයට පැමිණ සිටින වැඩිහිටි පිරිසක් පොලිස් මාර්ග බාධක කඩා දමමින් පොලිසිය සමඟ ගැටුමක් සඳහා උත්සාහ ගන්නා බව පෙනී යන්නේ යැයි එහි සිටින අපගේ මාධ්‍යවේදීහු ප්‍රකාශ කරති.

Related articles

Recent articles

spot_img