spot_img
spot_imgspot_img

හදිසි මහ මැතිවරණයක් අත ළඟ ? ව්‍යවස්ථාමය ප්‍රතිපාදන මෙන්න

පුවත්

විදෙස්

පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සඳහා සූදානමක් ඇතැයි මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කතාබහක් ඇතිවෙමින් පවතී.

එමෙන් ම අද (06) හදිසි කැබිනට් රැස්වීමක් ද කැඳවා ඇත.

මේ සම්බන්ධයෙන් නීතිමය ප්‍රතිපාදන පිළිබඳ සොයා බැලූ විට පෙනී යන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවශ්‍ය ප්‍රතිපාදන තිබේ.

ව්‍යවස්ථාවේ XI වන පරිච්ඡේදයේ ව්‍යවස්ථාදායකය කොටසේ කාර්ය පටිපාටිය සහ බලතල දැක්වෙයි. එහි පාර්ලිමේන්තු සභාවාරය යන කොටස 70 වැනි වගන්තියේ දැක්වෙන්නේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බවයි.

නමුත් එහි (අ) වගන්තිය අවුය (ඈ) වන ඡේදයේ විධිවිධානවලට යටත්ව පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහොත් මිස, ඒ පාර්ලිමේන්තුව පළමු වරට රැස්වීමට නියමිත දින සිට අවුරුදු දෙකකුත්  මාස හයකට නොඅඩු කාල සීමාවක් ඉකුත්වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා නොහැරිය යුත්තේය යනුවෙන් දැක්වේ.

මෙම ව්‍යවස්ථාව අනුව ඉදිරියේ පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවක දී පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු යැයි යෝජනා සම්මත කිරීමකින් අනතුරුව ජනාධිපතිවරයාගෙන් එ සඳහා ඉල්ලා සිටීමෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකියාව තිබේ.

මේ වනවිට ආණ්ඩුව ඒ ගැන අවධානය යොමුකර ඇතැයි ද ඒ සම්බන්ධයෙන් තීරණයක් ඉක්මණින් ම ගනු ඇතැයි ද දේශපාලන අංශවල කතා බහක් ඇතිවෙමින් පවතී.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ දේශපාලන හැසිරීම අනුව මේ වනවිට දැවැන්ත ආණ්ඩු විරෝධයක් රටතුළ අද්ගත වී ඇතත් විපක්ෂය පොදු එකඟතාවක නොමැතිවීම, ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව ස්වාධීන වූ කණ්ඩායම් ද විපක්ෂය සමඟ එක්ව නොසිටීම සහ ආණ්ඩුව සමඟ තවමත් සර්වපාක්ෂික ආණ්ඩු පිහිටුවීමට සාකච්ඡා කිරීම යන කරුණු හේතුවෙන් මෙවැනි අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීම තවත් ප්‍රමාදවී පවත්වන ඡන්දයකින් සිදුවන කඩාවැටීම වළක්වාගැනීමට හැකිවනු ඇතැයි යන්න පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය වී තිබේ.

මේ වනවිට සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂයේ පක්ෂ තනි තනි දේශපාලන පක්ෂ ලෙස සංවිධානය වීමට උත්සාහ ගනිමින් සිටිය ද ඔවුන්ට ද ඒකරාශී වූ ජන බලයක් නොමැතිවීම තවදුරටත් තම පක්ෂයේ බලය විනාශ නොවී තබා ගැනීමට ඉවහල් වනු ඇතැයි පොදුජන පෙරමුණේ විශ්වාසයයි. එමෙන් ම ස්වාධීන වූ කණ්ඩාය‍ම ද දේශපාලන අනාථයන් බවට පත්කිරීමට හැකිවනු ඇතැයි ද ඇතැම් පිරිස් අදහස් පළ කරති.

එබැවින් ජනතා උද්ඝෝෂණවලට ද පිළිතුරක් ලෙ‍ස පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි මහ මැතිවරණයකට ගොස් බලය අහිමිවීම වේගවත් වීමට පෙර හැකි පමණින් බලය අල්ලාගැනීමේ උපායක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයෝ සාකච්ඡා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!