-5.9 C
New York

ගාල්ලේ ෂෙඩ්වලින් බෙදූ පෙට්‍රල්වල වතුර. වාහන එතැනම නවතී (වීඩියෝ සහිතයි)

Published:

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් අද (06) අළුයම ගාල්ලේ ඉන්ධන පිරවුම්හල් වෙත එවූ පෙට්‍රල්වල වැඩිපුර ඇත්තේ ජලය යැයි ඉන්ධන ලබාගත් පාරිභෝගික ජනතාව චෝදනා කරති.

ඊයේ රාත්‍රීවනවිට ගාල්ලේ කිසිදු ඉන්ධන පිරවුම්හළක පෙට්‍රල් තිබුණේ නැත. අද උදෑසන පළමු බවුසරය ගාල්ල නගරයේ පෙට්ටිගලවත්ත ඉන්ධන පිරවුම්හළ වෙත පැමිණ පෙට්‍රල් එහි භූගත ටැංකිවලට පුරවා අවසන් කළ පසු ත්‍රී රෝද රථ තුනකට සහ තවත් කාරයකට පෙට්‍රල් ලබා දී ඇත. නමුත් එම රථ හතරම අඩි කිහිපයක් ඉදිරියට යද්දී නැවත පණ ගැන්විය නොහැකි ආකාරයෙන් නැවතී තිබේ.

ඒ සමඟම ඉන්ධන ලබා දීම නවතා පෙට්‍රල් පරීක්ෂාකළ විට පෙනී ගොස් ඇත්තේ පෙට්‍රල්වලට ජලය කළවම් වී ඇති බවයි. ඉන්ධන පිරවුම්හ‍ළේ බලධාරීන් ඒ මොහොතේම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මේ බව දැනුම් දී ඉන්ධන ලබාදීම නවතා ඇත.

ඉන්ධන ලබාගැනීමෙන් වාහනවලට යම් හානියක් සිදුව ඇත්නම් ඒවා අළුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය මුදල් ලබාදෙන බව ද ඉන්ධන පිරවුම්හළේ බලධාරින් පවසා තිබේ.

Related articles

Recent articles

spot_img