spot_img
spot_imgspot_img

ජනතාව කම්බස් කරන, ගාල්ල – කොළඹ බස්

පුවත්

විදෙස්

කොළඹ සිට ගාල්ල බලායන බසයකට ගොඩවූ ඔහු මෙරට සමාජ ක්‍රියාකාරිකයෙක් මෙන් ම මාධ්‍ය ක්ෂේත්‍රයට ද සම්බන්ධ සමිත් බෝධිපක්ෂය. දිනය ඊයේ (05) රාත්‍රියයි.

බස් රථය ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා වායු සමනය කළ බසයකි. ගාස්තුව රුපියල් 610.00කි.

සමිත් කොන්දොස්තරවරයාට මුදල් ගෙවූව ද කොන්දොස්තර ඔහුට ප්‍රවේශ පත්‍රයක් ලබා දී නැත. ප්‍රවේශ පත්‍ර ලබාදීම මාර්ගස්ථ මගී ප්‍රවාහනයේ දී අනිවාර්යය කොන්දේසියකි.

දෙහිවල ප්‍රදේශයට බසය සේන්දුවෙද්දී සමිත් බෝධිපක්ෂයට ලැබුණු දුරකථන ඇමතුමකින් කියවුණේ ගාල්ලේ ඔහු සහභාගී වීමට නියමිත කාර්යය අවලංගු වී ඇති බවයි. එබැවින් ඔහුට තවදුරටත් ගාල්ල දක්වා යාමට අවශ්‍යතාවක් නැත.

මේ ගැන කොන්දොස්තරවරයාට කියූ විට ඔහු දොර ඇර බසින්නයැයි කියා තිබේ. නමුත් දෙහිවල දක්වා සාධාරණ මුදලක් අයකර අදාල ඉතිරි මුදල ලබාදීමට ඔහු එකඟ වී නැත.

සමිත් ඒ පිළිබඳ මෙසේ කියයි.

“මම කාරණ්‍ය පැහැදිළි කරලා ඉතුරු සල්ලි ඉල්ලුවා. එතකොට එයා කිව්වා ඉතිරි සල්ලි දෙන්නේ නෑ. ඔයා යනව නම් දිගටම යමු. නැත්නම් මෙතැනින් බැහැලා යන්න. අපි සීට් ගානට විතරයි ගන්නේ. ඔයාගේ ටිකට් එක ආපහු දුන්නම අපිට පාඩුයි. කියල කිව්වා. ටිකට් එකක් ඉල්ලුවාම ටිකට් එක්ක නෑ කිව්වා. එයාගේ අතේ ටිකට් තිබුණේ නෑ.”

නමුත් සමිත් වාඩිවී සිටි අසුනේ වෙනත් අයකු වාඩිවී අවසන්ය. ඒ වනවිටත් බසයේ හිටගෙන ගමන් ගන්නා සංඛ්‍යාව 04 දෙනෙකි. ඒ අනුව මේ කොන්දොස්තරවරයා කියන කතාව සත්‍යයෙන් තොර බව පැහැදිළි කරුණකි.

කෙසේ වෙතත් කොන්දොස්තරවරයා ඔහු ඉතිරි මුදල් ලබා දී නැත. තමන්ට සිදුවූ අසාධාරණය ගැන සමිත් බෝධිපක්ෂ ජාතික ප්‍රවාහන කොමිසමේ හදිසි ඇමතුම් අංකය 1955ට ගත්ත ද එය ප්‍රතිචාර දක්වා නැත.

ලා නිල් පැහැයට හුරු රෝසා බසයේ අංකය ND – 4064 ය. මේ ආකාරයෙන් මගීන් සූරාකන්නට ඔවුන්ට ඉඩ දී මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියත්, ජාතික ප්‍රවාහන කොමිසමත් බලා සිටින්නේ ද ? මෙවැනි දේ තවදුරටත් සිදු නොවිය යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!