චීන තර්ජනය ගැන පොම්පියෝ-මෝදි සාකච්ඡා අද

0
99

සිය පස්දින ආසියානු සංචාරය ආරම්භ කරමින් ඉන්දියාවට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඊයේ (26) රාත්‍රී 9.00ට පමණ ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයංකර් සමග සාකච්ඡා පවත්වා ඇත.

අද (27) උදෑසන මයික් පොම්පියෝ සහ එක්සත් ජනපද ආරක්ෂක ලෙක්ම් මාක්ස් එස්පර්, ඉන්දීය ආරක්ෂක ඇමති රාජ්නාත් සිං සහ විදේශ ඇමති සුබ්‍රමනියම් ජය සංකර් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය. ඉන් අනතරුව ඔවුහු ඉන්දීය අගමැති නරේන්‍ද්‍ර මෝදි හමුවෙති. ඉන්දීය සංචාරයෙන් අනතුරුව ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ශ්‍රී ලංකාව, මාලදිවයින සහ ඉන්දුනීසියාව යන රටවල සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරය ආරම්භ කිරීමට පෙර පොම්පියෝ පවසා ඇත්තේ චීන කොමියුනිස්ට් පක්ෂය විසින් ආසියානු කලාපය තුළ ඇති කරන තර්ජනයට සාමූහිකව මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම රටවල් සමග සාකච්ඡා කරන බවයි.

එසේම එක්සත් ජනපදය සහ ඉන්දියාව අතර බුද්ධි තොරතුරු හුවමාරුව, ඒකාබද්ධ යුද මෙහෙයුම් සහ ප්‍රහාරක ජෙට් යානා ඇතුළු අවි ගනුදෙනු පිළිබඳ සාකච්ඡා කරන බව එක්සත් ජනපද ආරක්ෂක ලෙක්ම් මාක්ස් එස්පර් සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here