spot_img
spot_imgspot_img

පාර්ලිමේන්තු පිවිසුම අසළ ඉදිවන නව විරෝධතා ගම්මානය

පුවත්

විදෙස්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතාවයට අද (05) පාර්ලිම්න්තු පිවිසුම අසළ දී පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරිමෙන් අනතුරුව විශ්වවිද්‍යාල සිසු සිසුවියෝ දියත උයනේ කඳවුරු බැඳ ගත්හ.

මේ වනවිට විශාල වශයෙන් ජනතාව එතැනට පැමිණ ඔවුන්ට අවශ්‍ය ආහාර, ජලය සහ වෙනත් භාණ්ඩ සහ උපකරණ ලබා දෙති.

පොලිසිය විසින් මාර්ග හරස් කරමින් ඉදිකර වැටවල් ගලවා එම සිසුන් ඒවා ද ප්‍රයෝජනයට ගනිමින් සිටිති.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල පවසන්නේ අද රැය පහන්කරමින් එම ස්ථානයේ සිටින බවයි. මේ වනවිට පාර්ලිමේන්තු පිවිසුම අසළ දියත උයනේ තවත් විරෝධතා ගම්මානයක් ඉදිවෙමින් පවතී.

එහි සිටි මාධ්‍යවේදීන් කියා සිටියේ උසස් පොලිස් නිලධාරීන් පිරිසක් මේ ස්ථානයේ සිටින සිසුන් අතරින් ගමන් කළ බවයි. ඔවුන්ගේ අවශ්‍යතාව යම් කලහකාරී තත්වයක් ඇතිකරගැනීම විය හැකියැයි ද මාධ්‍යවේදීහු කියති. නමුත් කිසිවෙකුත් එම පොලිස් නිලධාරීන් ගැන කිසිදු තැකීමක් කළේ නැතැයි ද ඒ හේතුනේ එම නිලධාරීන්ට කිසිවක් නොකියා ආපසු හැරී යාමට සිදුවූ‍යේ යැයි ද ඔවුහු කියති.

මේ වනවිට දියත උයනට විශ්වවිද්‍යාල සිසුන්ට අමතරව අවට පදිංචිකරුවන් ඇතුළු විශාල පිරිසක් පැමිණෙමින් සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!