spot_img
spot_imgspot_img

“ස්වාධීන කතා බොරු. අපිට ඕනෑ පොහොට්ටුවමයි” වීරසුමනගේ කටින් පනී

පුවත්

විදෙස්

ස්වාධීන වූ කණ්ඩායමට ඕනෑ පොහොට්ටුවේ ම අගමැති කෙනෙක්

ආර්ථික අර්බුදයට වහාම විසඳුම් සෙවීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් අවශ්‍ය යැයි කියමින් ස්වාධීන වූ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයකුවන මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පවසන්නේ ඉදිරියේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් පත්කරනු ලබන රාජපක්ෂවරයකු නොවන අගමැතිවයරකුට තම සහෝයගය ලබාදෙන බවයි.

ආණ්ඩුව සමඟ එක්වී සිට දැනට ස්වාධීනව සිටින මන්ත්‍රීවරු සංඛ්‍යාව 43 දෙනෙකි. ඔවුන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිය යුතුයැයි දිගින් දිගටම ප්‍රකාශ කළේය. එසේ වුව ද අගමැති මහින්ද රාජපක්ෂ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඉඩ දෙමින් ඉල්ලා අස්නොවන බවත් සර්ව පාක්ෂික ආණ්ඩුවේ ද අගමැතිවරයා තමන් යැයි ද කීවේය.

මේ අතර විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් භාර දී තිබේ.

එසේ විශ්වාසභංග යෝජනාවක් භාර දී තිබිය දී අද (05) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ දී ආණ්ඩුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ස්වාධීන වූවා යැයි ප්‍රකාශ කරන මන්ත්‍රී කණ්ඩායමත් එක්ව හිටපු නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා යළි නියෝජ්‍ය කතානායකවරයා ලෙස පත්කරගැනීමට ඡන්දය භාවිතා කරන ලදී.

මේ අතර හිටපු අමාත්‍ය විමල් වීරවංශ කියා සිටියේ සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස ආණ්ඩුව භාර ගන්නේ නම් විශ්වාසභංගයට සහය වන බවයි.

නමුත් වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරයා පවසන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු අගමැතිවරයා ලෙස පත්කිරීමට තමන් සහය දෙන බවයි. මන්ත්‍රීවරයා දෙරණ නාලිකාව සමඟ මේ බව කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!