spot_img
spot_imgspot_img

බුදු පිළිම කැඩුවා යැයි වසර 03ක් රිමාන්ඩ් කර සිටි 13 දෙනකු නිදහස් කරයි

පුවත්

විදෙස්

මාවනැල්ල සහ ඒ අවට බුදු පිළිමවලට හානිකළ බවට චෝදනා කරමින් වසර 03කට අධික කාලයක් රිමාන්ඩ් භාරයේ තබාගෙන සිටි සැකකරුවන් 14 දෙනකු නිදහස් කරන ලෙස අද (05) මාවනැල්ල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සිද්ධියට අදාලව සැකකරුවන් 46 දෙනකු අත්අඩංගුවට ගෙන ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි. ඒ අතරින් ප්‍රධාන සැකකරුවන් ලෙස නම්කරන ලද 16 දෙනකුට නීතිපතිවරයා අධි චෝදනා ගොනුකර තිබේ. තවත් සැකකරුවන් 10 දෙනකු සම්බන්ධයෙන් විමර්ශන අවසන් නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව එම 10 දෙනා මාධිකරණයෙන් ලද ඇප නියෝගයකට අනුව එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප මත 07 දෙනෙකුට ඇප නියම කෙරිණි. තවත් සැකකරුවන් තිදෙනකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර 13 දෙනකු අද නිදහස් කෙරිණි.

මෙම සැකකරුවන් නිදහස් කර ඇත්තේ ඔවුන් සම්බන්ධයෙන් තවදුරටත් නීති මගින් කටයුතු කිරීමට අදහසක් නොමැති බවට නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවනගේ අත්සනින් ලැබුණු උපදෙස් අනුවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!