-4.8 C
New York

සරසවි සිසුහු “දියත උයන” අල්ලා ගනිති. පොලිස් ප්‍රහාර හමුවේ අඛණ්ඩ උද්ඝෝෂණයක් අරඹයි

Published:

පොලිසිය දිගින් දිගටම විශ්වවිද්‍යාල සිසුන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් සිටින අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසන්නේ ඔවුන් දියත උයනෙන් ඉවත්ව නොගොස් එහි කඳවුරු බැඳීමට තීරණය කළ බවයි.

ඒ අනුව පාර්ලිමේන්තුව ඉදිරිපිට ද අඛණ්ඩ උද්ඝෝෂණයක් අද (05) සිට ආරම්භ වනු ඇත.

මේ වනවිට දහස් ගණනක් සිසු සිසුවියෝ දියත උයනට රැස්ව සිටින අතර, පොලිසියේ කඳුළු ගෑස් ප්‍රහාරය හමුවේ සීසීකඩ ගිය සිසු කණ්ඩායම් දියත උයනට පැමිණෙමින් සිටිති.

ප්‍රදේශය පුරාම දැඩි කළහකාරී ස්වභාවයක් දක්නට ලැබෙන අතර පොලිසියේ කඳුළුගෑස් ප්‍රහාරයෙන් මාර්ගයේ ගමන් ගන්නා රැකියාව අවසන් කර නිවෙස්වලට යන පිරිස් ද දැඩි දුෂ්කරතාවට මුහුණ පා සිටිති. බත්තරමුල්ල, පැලවත්ත, රාජගිරිය ප්‍ර‍දේශපුරාම දැඩි වාහන තදබදයක් ද හටගෙන තිබේ.

Related articles

Recent articles

spot_img