spot_img
spot_imgspot_img

විදුලි කප්පාදුවේ දී ලාම්පු එළියෙන් පාඩම් කළ, පාසල් සිසුවිය පිළිස්සී මියයයි

පුවත්

විදෙස්

විදුලිය කප්පාදු කර තිබිය දී ලාම්පු එළියෙන් පාඩම්කරමින් සිටි පාසල් සිසුවියක් ලාම්පුව පෙරැළී ඇති වූ ගින්නකින් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ යාපනයේ පණ්ඩිතිරිප්පු, පිරාම්පිඩ්ඩු ප්‍ර‍දේශයේ පදිංචි දැරියකි. සුදර්සන් සදුර්සිකා නමැති ඇය තෙලිප්පලෙයි මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලැබුවාය.

මව සහ පියා නිදා සිටින කාමරයට යාබද කාමරයේ ඇය රාත්‍රී ලාම්පුවක් දල්වාගෙන පාඩම් කරමින් සිට ඇති බවත් හිටි හැටියේම ගිනි ගන්නා බවත් බේරාගන්නා ලෙසත් කියමින් ඇය කා ගසා ඇතත් ඒ වනවිටත් ගින්න පැතිරී ගොස් තිබූ බවත් පොලිසිය පවසයි.

මව සහ පියා ප්‍ර‍දේශවාසීන්ගේ ද සහායෙන් ඇය සංගා‍නෙයි රෝහලට ඇතුළත්කරන විටත් මියගොස් සිටි බව ද වෛද්‍යවරු පවසා ඇත.

මෙම දැරියගේ මේසය මත තිබූ ලාම්පුව පෙරැළීමත් සමඟ ඇය දැඟලීමේ දී නිවසට ගෙනවිත් තිබූ පෙට්‍රල් කෑන් එකකට ගිනි ඇවිලෙන්නට ඇතැයි ද පොලිසිය සැකකරයි.

මේ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ ඉලවාලෙයි පොලිසිය විසින් සිදුකරන අතර පශ්චාත් මරණ පරීක්ෂණය සංගානෙයි රෝහලේ දී පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!