spot_img
spot_imgspot_img

රංජිත් සියඹලාපිටිය යළි නියෝජ්‍ය කතානායක. වැඩි ඡන්ද 83 ක්

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කතානයාකවරයා ලෙස අද (05) පැවැති රහස් ඡන්ද විමසීමේ දී හිටපු නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය තේරීපත්වී තිබේ.

මෙම ඡන්ද විමසීමේ දී රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයාට ඡන්ද 148 ලැබුණු අතර විපක්ෂයේ අපේක්ෂකයා වූ ඉම්තියාස් බාකීර් මාකර්ට ලැබුණු ඡන්ද සංඛ්‍යාව 65කි. ඒ අනුව වැඩි ඡන්ද 83 කිනි රංජිත් සියඹලාපිටිය නැවත නියෝජ්‍ය කතානායකධූරයට පත්ව සිටියි. නරක් වූ ඡන්ද සංඛ්‍යාව 03කි.

ඔහු පසුගිය දා එම ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් නියෝජ්‍ය කතානායකවරයෙක් පත්කිරීමට කටයුතු කළ අතර ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් රංජිත් සියඹලාපිටියගේ නම යෝජනා කෙරිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන බව පවසයි.

විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වූ සමගි ජන බලවේගය විසින් ඉම්තියාස් බාකීර් මාකර් නියෝජ්‍ය කතානායකධූරයට යෝජනා කළ අතර ආණ්ඩුපකෂයවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය කතානායක අපේක්ෂක රංජිත් සියඹලාපිටියට සහය දක්වන බව පවසමින් අපෙක්ෂකයකු ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටින ලදී.

පසුගිය දා ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන බව කී විමල් වීරවංශ, උදය ගම්මම්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු කණ්ඩායමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, විපක්ෂයේ සිටි මන්ත්‍රීවරුත් එකතුව ගත් විට 120ක් ඉක්මවා ඇතැයි කීව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙලෙස අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ බහුතර බලය පිළිබඳ සත්‍ය ලෙසම දැන ගැනීමට තිබූ අවස්ථාව මඟහැරී ගිය බව දේශපාලන විචාරකයෝ කියති.

“ඡන්ය භාවිතා කළ සියලු දෙනාට ස්තූතිය පළකරනවා. මම ඉල්ලා අස්වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු තමන් දැරූ සියලු තනතුරුවලින් ඉවත්වී, ස්වාධීන වී විපක්ෂයේ වාඩි වුණා. ඒ නිසා මට අවශ්‍ය වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ස්වාධීන මන්ත්‍රීවරු ගත්තු තීරණය සාධාරණ බව කියන්න. ඒ නිසා මම ඉල්ලා අස්වුණා. මේ රටේ තියන දේශපාලනික අර්බුදය පෙන්වා දෙන්න. ඒ නිසා මම තව අඩියක් ඉදිරියට තියලා ස්වාධීන වූ තනතුරක් වුණත් ආණ්ඩු පක්ෂය යෝජනා කරලා ස්ථිර කරපු තනතුරක් වුණත් මම ඉල්ලා අස්වුණා. අද උදේ වනතුරු මා විපක්ෂයේ සියලු දෙනා ම එකතු වෙලා මා යෝජනා කරනවා කියලා. නමුත් මෙතැනට ආවට පක්ෂයේ විපක්ෂය ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීම ගැන මම කණගාටුවෙනවා. ඒක සටන පාවාදීමක් ලෙස මම දකිනවා. ඒ නිසා මම විශේෂයෙන් ම රජයෙන් අපේ සියලු සාමාජිකයන්ට නම් කරනවා අපි ස්වාධීන වීම විපක්ෂයට යාම වෙනස් වන්නේ නැහැ. මම නැවත යෝජනා වුණේ විපක්ෂයෙන්. විපක්ෂයෙන් ආපු පත්වීමක් මේක.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!