-5.9 C
New York

අලි සබ්‍රිට තවත් ඇමතිධූර දීලා

Published:

මුදල් අමාත්‍ය අලි සබ්‍රිට තවත් අමාත්‍යධූර ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කර තිබේ.

ඊයේ (04) බදාදා නිකුත් කරන ලදද අංක 2278/13 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ ජනාධිපතිවරයා විසින් කරන ලද පත්කිරීම් යටතේ  දැක්වෙන්නේ 2022 අප්‍රේල් මස 28 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අලි සබ්‍රි හෙවත් මොහොමඩ් උවයිස් මොහොමඩ් අලි සබ්‍රි අධිකරණ අමාත්‍යවරයා ලෙසත්, එදිනම ක්‍රියාත්මක වන පරිදි ඔහු බන්ධනාගාර, කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් පත්කර ඇති බවයි.

මේ අනුව අලි සබ්‍රිට මුදල් අමාත්‍යධූරයට අමතරව තවත් කැබිනට් අමාත්‍යධූරයක් සහ රාජ්‍ය අමාත්‍ය ධූරයක් හිමිව තිබේ.

ඒ අනුව ඔහු අමාත්‍යාංශ තුනක රාජකාරී කිරීමට සිදුවන අතර ඒ සඳහා පුද්ගලික කාර්ය මණ්ඩල තුනක් පත්කිරීමේ හැකියාව ද පවතී.

Related articles

Recent articles

spot_img