-2.1 C
New York

ගාල්ලේ නීතිඥයෝ හර්තාලයට එක්වෙති. හෙට අධිකරණ කටයුතුවලින් ඈත්වීමේ තීරණයක්

Published:

ආණ්ඩුවට විරෝධය දක්වමින් හෙට (06) දිනයේ දීප ව්‍යාප්තව පවත්වන හර්තාලයට සහයෝගය දෙමින් හෙට දිනයේ අධිකරණ කටයුතුවලින් බැහැරවීමට ගාල්ල නීතිඥ සංගමය තීරණය කර තිබේ.

ඊයේ (04) පැවැති එම සංගමයේ විධායක කමිටු රැස්වීමක දී මෙම තීරණය ගත් බව ගාල්ල නීතිඥ සංගමය ප්‍රකාශ කරයි.

ගාල්ල නීතිඥ සංගමය පවසන්නේ සෑම අවස්ථාවක දී ම මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත්, ඒවාට අභියේාග එල්ලවන අවස්ථාවල දී නොබියව පෙනී සිටීමටත් කටයුතු කරන බවයි.

මේ මොහොතේ රටේ පවතින තත්වය සැළකිල්ලට ගැනීමේ දී ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් කටයුතු කරන විරෝධතාකරුවන්ගේ එම විරෝධතා පැවැත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීමටත් එය ඉදිරියට ගෙන යාමටත් හැකි සෑම සහයෝගයක් ම ලබාදෙන බව ද නීතිඥ සංගමය පවසයි. එමෙන්ම එම විරෝධතා සඳහා සාධාරණ හේතු තිබිය දී දේශපාලන අධිකාරියේ තර්ජන, ගර්ජන, මැර බලය යෙදීම, අරගලකරුවන් මරා දැමීම හෝ ඒ සඳහා තැත් කිරීම්, පිරිත් සූත්‍ර යොදා පීඩාවට පත්කිරීම අත්තනෝමතිකව මර්ධනය කිරීම, ආරක්ෂක අංශ යොදා අවහිරකිරීම් සහ බාධා කිරීම් සඳහා තැත්කිරීම යනාදී කරුණුවල දී නීතිඥ සංගමය විරෝධතාකරුවන්ට කිසිදු අයකිරීමකින් තොරව සහය දක්වන බව ද ප්‍රකාශ කරයි.

Related articles

Recent articles

spot_img