-5.9 C
New York

පොලිසිය බත්තරමුල්ලේ මාර්ග වසා දමලා. රැකියාවට යන ජනතාව මහ මඟ රස්තියාදු වේ

Published:

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග පොලිසිය විසින් වසා දැමීම හේතුවෙන් පැලවත්ත, බත්තරමුල්ල සහ රාජගිරිය ප්‍රදේශවල විශාල රථවාහන තදබදයක් හටගෙන තිබේ.

අද (05) උදෑසන රැකියා සඳහා යන දහස් සංඛ්‍යාත පිරිසක් මේ හේතුවෙන් දැඩි අසීරුතාවකට ලක්ව සිටිති.

ඔවුන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය ඉල්ලා සිටිය ද පැය ගණනක් මාර්ගයේ රස්තියාදුවීමට සිදුව තිබේ.

ඊයේ(04) මොරටුව සහ කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් විරෝධතාවක් සඳහා පැමිණෙන බවට ලැබී තිබූ තෙරතුරක් හේතුවෙන් පොලිසිය මාර්ග බාධක යෙදා මෙම මාර්ග කිහිපයක් වසා දමා තිබිණි. අද (05) අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කරන විරෝධතාවක් පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා විශ්වවිද්‍යාල 16ක සිසුන් පැමිණෙන බවට ඇති තොරතුරක් හේතුවෙන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග සම්පූර්ණයෙන් ම වසා දැමීමට පොලිසිය කටයුතු කර තිබේ.

Related articles

Recent articles

spot_img