spot_img
spot_imgspot_img

මාධ්‍ය නිදහස ශ්‍රේණිගත කිරීමෙන්, ශ්‍රී ලංකාව වසරක් ඇතුළත පහළටම කඩා වැටිලා

පුවත්

විදෙස්

ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව ස්ථාන 19ක් පහළ බැස තිබේ.

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය යෙදී තිබුණු පසුගිය 03න් වැනි දා නිකුත්කර ඇති වාර්තාවට අනුම මෙම දර්ශකය සඳහා සැළකීමට ගන්නා රටවල් 180ක් අතරින් ශ්‍රී ලංකාව 146 වැනි ස්ථානයට පත්ව ඇත.

මීට පෙර 2021 වර්ෂයේ දී ශ්‍රී ලංකාව 127 වැනි ස්ථානයේ සිටි අතර 2020 වර්ෂ‍යේ දී ද 127 වැනි ස්ථානයේ සහ 2019 දී 126 වැනි ස්ථානයේ පසුවිය. 2018 වර්ෂ‍ෙයේ දී ශ්‍රී ලංකාව 131 වැනි ස්ථානයට පත්ව තිබිණි.

ලෝකයේ ජනමාධ්‍ය නිදහස සුරක්ෂිත රටවල් අතර ඉහළින්ම ඇත්තේ නෝර්වේ රාජ්‍යයයි. දෙවැනි ස්ථානය ඩෙන්මාර්කයට සහ තුන්වැනි ස්ථානය ස්වීඩනයට හිමිව තිබේ.

අසල්වැසි ඉන්දියාව මෙම ලැයිස්තුවේ 150 වැනි ස්ථානයට පත්ව ඇති අතර, බංග්ලාදේශය 162 වැනි ස්ථානයටත් මියන්මාරය 176 වැනි ස්ථානයටත් පත්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!