-2.1 C
New York

ඩෙංගු රෝගය කිහිප ගුණයකින් වැඩි වෙයි

Published:

ඩෙංගු රෝගය මේ දිනවල ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.

පසුගිය සතියේ දී පමණක් ඩෙංගු රෝගීන් 1,102ක් රටපුරා ප්‍රදේශ ගණනාවකින් වාර්තා වී ඇත.

එම ඒකකය පවසන්නේ පසුගිය වර්ෂයේ ජනවාරි සිට අප්‍රේල් 30 දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාවට සාපේක්ෂව මෙම වර්ෂයේ එම කාල සීමාවේ දී දෙගුණයකට ආසන්න ඩෙංගු රොගීන් වාර්තා වී ඇති බවයි.

2021 වර්ෂයේ ජනවාරි සිට අප්‍රේල් 30 දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 8,936 දෙනෙකි. 2022 වර්ෂයේ දී වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 17,405කි.

පසුගිය සතියේ දී කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු ආසාදිතයන් 207, කළුතර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු ආසාදිතයන් 121ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 112ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු ආසාදිතයන් 103ක් හඳුනාගෙන ඇත.

Related articles

Recent articles

spot_img