-0.6 C
New York

රතන හිමි විශ්වාසභංගයට සහය නොදෙන්න හේතු හොයයි

Published:

ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වන බව පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී අතරලියේ රතන හිමි අද (04) පාර්ලිමේන්තුවේ දී කියා සිටිය‍ේ තමන් විශ්වාසභංගයට සහය දෙන්නේ ආණ්ඩුව භාරගැනීමට කැමැත්ත ප්‍රකාශ කරන්නේ නම් පමණක් බවයි.

කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැතිව පොහොර තහනමක් ගෙන ඒමේ ප‍ුරෝගාමී මෙහෙවරක් කළ අතුරලියේ රතන හිමි මේ වනවිට කාබනික ගොවිතැන ගැන වචනයක් හෝ කතා කරන්නේ නැත. පොහො‍ර තහනම මෙරට ආර්ථික අර්බුදයට හේතුවක් වූ බව ද දේශපාලන විචාරකයෝ කියති.

එවැනි පසුබිමක් තුළ හදිසියේ ම තමන් ස්වාධීන වන බව කියූ රතන හිමි අද පාර්ලිමේන්තුවේ දී විශ්වාසභංග යෝජනාවට සහය නොදීමට හේතු කීවේය.

“පොහො‍ට්ටුව හරි කමක් නෑ වෙන අගමැතිවරයකුට මේ පාර්ලිමේන්තුවේ නායකත්වය දුන්න නම් මෙතන වෙනත් තත්වයක්, විපක්ෂය විශ්වාසභංග ගේන්න කතාකරනවා, විශ්වාසභංග ගේනවා නම් අපි කැමතියි සහාය දෙන්න. හැබැයි ඒ ගොල්ලෝ ආණ්ඩුව අරගෙන ආණ්ඩු කරන්න ඕන. එහෙම නැතිව රට අරාජික කරන විශ්වාසභංගවලට අපි සහය දෙන්නේ නෑ.”

Related articles

Recent articles

spot_img