-0.6 C
New York

Lanka IOC අධික ලාභ ලබයි. කොටස් මිලත් 32%කින් ඉහළ යයි

Published:

ලංකා අයිඕසී සමාගම අවසාන කාර්තුවේ දී රුපියල් කෝටි 337ක ශුද්ධ ලාභයක් වාර්තා කර තිබේ. මේ හේතුවෙන් ම අද‍ (04) කොටස් වෙළෙඳ පොළ ගනුදෙනුවල දී ලංකා අයිඕසී සමාගමේ කෙටස් මිල 32%කින් ඉහළ ගොස් ඇත.

කෙ‍සේ වුවත් ශ්‍රී ලංකාවේ පවතින අධික උද්ධමනය සමඟ සංසන්ධනය කිරීමේ දීදැනට කොළඹ කෙටස් වෙලෙඳ පොළ කොටස් මිල සීඝ්‍ර ලෙස පහළ බැස තිබීමත් බොහෝ අපනයන ආශ්‍රිත භාණ්ඩ හා සේවා සපයන ආයතනවල ලාභ ප්‍රමාණය විදේශ විනිමය අර්බුදය හමුවේ දැඩි ලෙස ඉහළ ගොස් තිබීමත් හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයෝජනය කිරීම දීර්ඝකාලීන ආයෝජකයන්ට වඩාත් සුදුසු ආයෝජන අවස්ථාවක් වෙයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද  (04) දිනයේ ගනුදෙනු 13,925ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,063ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 26කින් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 7,598ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 446
  • එල්ඕඑල්සී සමාගම ‍රුපියල් මිලියන 155
  • ලංකා අයිඕසී සමාගම රුපිය්ල මිලියන 63

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 9.2
  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 6.3
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් කොටස් මිලියන 5.7

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්එන්බී ලීසිං (X) සමාගම 50%
  • ලංකා අයිඕසී සමාගම 32%
  • ගෙස්ටෙට්නර් සමාගම  23%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 322
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 225
  • ජෝන් කීල්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන  171

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 62ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 26කොටස් විකුණා තිබිණි. ඒ අනුව විදේශ ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙට රුපියල් මිලියන 36ක ආයෝජනය අද දිනයේ එක්කර තිබිණි.   

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ටෙක්ස්චර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 27
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 9.5
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 3.8
  • එන්ඩීබී බැංකුව රුපියල් මිලියන 3.5
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 2.5

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ඇක්සස් ඉන්ජිනියරින් රුපියල් මිලියන 3.6
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 1.9
  • රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 1.5
  • එච්එන්බී රුපියල් මිලියන 1.4
  • අම්බන් කැපිටල් සමාගම රුපියල් මිලියන 0.9

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img