-4.8 C
New York

අත්අඩංගුවට ගත් උද්ඝෝෂකයන් අධිකරණයෙන් මුදාහරී

Published:

පාර්ලිමේන්තුව අසළ අද (04) උදෑසන විරෝධතාවක නිරත වී සිටිය දී අත්අඩංගුවට ගත් පිරිස පෞද්ගලික ඇප මත නිදහස් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අද නියෝග කළාය.

පොල්දූව පාර්ලිමේන්තු පිවිසුම අසළ දී පාර්ලිමේන්තුවට පැමිණෙන මහජන නියෝජිතයන්ට පෙනෙන ලෙස “විශ්වාසභංගයට සහය දෙන්න” යනුවෙන් පුවරු ඔසවාගෙන සිටි සුළු පිරිසක් අතරින් 13 දෙනකු පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබීය.

එම ප්‍රදේශය අයත්වන්නේ තලංගම පොලිසියට වුව ද අත්අඩංගුවට ගනු ලැබුවේ නවගමුව පොලිසිය විසිනි. ඉන් පසු එම උද්ඝෝෂකයන් පිරිස මහරගම පොලිසියට ගෙනගොස් තිබුණු අතර මහරගම පොලිසිය ඉදිරිපිට අද දහවල් එම අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බව පවසමින් උද්ඝෝෂණයක් පැවැත්විණි.

අද සවස තලංගම පොලිසිය විසින් එම පිරිස කඩුවෙළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී නිතිඥවරු 150කට වැඩි පිරිසක් ඔවුන් වෙනුවෙන් පෙනී සිටි අතර නීතිඥයන් අධිකරණය හමුවේ කියා සිටියේ පොලිසිය ඉදිරිපත් කරන කරුණු වැරදි බවයි.

ඒ අනුව කඩුවෙළ මහේස්ත්‍රාත්වරිය අධිකරණයට ඉදිරිපත්කරන ලද අරගලකරුවන් 13 දෙනාම පුද්ගලික ඇප මත නිදහස් කිරීමට කටයුතු කළාය.

Related articles

Recent articles

spot_img