-2.1 C
New York

අගමැති මැදුර ඉදිරිපිට අට්ටාල සහ පොලිස් වාහන ඉවත්කරයි. විරෝධතාවට බාධාවක් නෑ

Published:

කොටුව මහේස්ත්‍රාත් මංජුල රත්නායක විසින් ලබාදුන් නියෝගයකට අනුව කොල්ලුපිටියේ අරලියගහ මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂකයන් විසින් ඉදිකර තිබූ අට්ටාල සහ පොලිසිය විසින් පදික වේදිකාවේ නවතා තිබූ පොලිස් බස් සහ ට්‍රක් රථ අද (04) සවස ඉවත් කෙරිණි.

පොලිසිය එක් වාහනයක් ඉවත් කළ පසු එයට සමගාමීව එක් අට්ටාලයක් බැගින් ඉවත්කිරීමට උද්ඝෝෂකයෝ ඉකඟතාව පළකළහ.

අරලියගහ මන්දිරය ඉදිරිපිට මාර්ගය සහ පදික වේදිකාව අවහිර කරමින් විරෝධතාවයක් පවත්වන බව පොලිසිය විසින් අධිකරණයට දැනුම් දී තිබිණි.

ඒ අනුව අධිකරණය ලබාදුන් නියෝගයේ දක්වා තිබුණේ පදික වේදිකාව එය භාවිතාකරන මහජනතාවට සහ මාර්ගය භාවිතා කරන මහජනතාවට කරදර සහ බාධා නොවන ආකාරයට සාමකාමී උද්ඝෝෂණ සඳහා මෙම නියෝගය බාධාවක් නොවන බවයි. ඒ අනුව මෙලෙස අට්ටාල සහ වාහන ඉවත්කරගැනීමට දෙපාර්ශවයට ම සිදුවිය.

Related articles

Recent articles

spot_img