-2.1 C
New York

අගමැතිධූරය ගැන දිනේෂ්ගේ අනාවැකිය

Published:

අගමැති මහින්ද රාජපක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වීමේ තීරණයක් නැතැයි සභානායක දිනේෂ් ගුණවර්ධන පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (04) ආණ්ඩු පක්ෂ රැස්වීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිනි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකර ඉල්ලා අස්වීමට නියමිත යැයි පැතිරයන කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි. අගමැතිවරයා ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇතත් එය මහජනතාවගේ හා පාර්ලිමේන්තුවේ ගැටලු සම්බන්ධයෙන් බවත් කියා සිටියේය.

දිනේෂ් ගුණවර්ධන පවසන්නේ එම ප්‍රකාශය අගමැතිවරයා විසින් හෙට (05) හෝ අනිද්දා (06) සිදුකරනු ඇති බවයි.

අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පසු පිහිටුවීමට යෝජනා කර ඇති සර්වපාක්ෂික ආණ්ඩුවේ අගමැතිධූරයට කියැවෙන ප්‍රමුඛතම නමක් වන්නේ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාගේ නමයි.

Related articles

Recent articles

spot_img