-4.8 C
New York

“විශ්වාසභංගය පරක්කු කළේ ඇයි ?” සජිත් කියයි

Published:

සමගි ජන බලවේගය විසින් කතානායකවරයාට භාරදුන් විශ්වාසභංග යෝජනා දෙක හෙට (05) වැනි දා හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඉඩලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා සිටියේය.

එහි දී මුදල් අමාත්‍යවරයාගේ ප්‍රකාශයට ද ප්‍රතිචාර දක්වමින් හෙතෙම කියා සිටියේ බොරුවට පාපොච්චාරණය නොකරන ලෙසයි.

මේ ආර්ථික අර්බුදයට වගකිව යුතු සියලු දෙනා අනිවාර්යයෙන් ම ගෙදර යා යුතු බව ද විපක්ෂ නායකවරයා කියා සිටියේය.

“මේ විශ්වාසභංග යෝජනා දෙකෙන් බලාගන්න පුළුවන් 225 ඉන්නේ ජනතාවගේ පැත්තේ ද හොරුන්ගේ පැත්තේ ද ? කියලා. මේක ශ්‍රී ලංකාවේ පමණක් තිබෙන අර්බුදයක්. කලාපීය අර්බුදයක් නෙවෙයි.  මේ ආණ්ඩුව මාස 30ක දී නිර්මාණය කරපු අර්බුදයක්. එදා මෝදි අගමැතිවරයා ශ්‍රී ලංකාවට එන්න හදනකොට කළු කොඩි දැම්මා. නමුත් අද ඉන්දියාවෙන් මුදලක් අරගන්න බලනවා. මේ ආණ්ඩුව අපෙන් ඉල්ලා සිටියා IMF යන නිසා විශ්වාසභංගය කලින් ගේන්න එපා කියලා. වගකිව යුතු පක්ෂයක් හැටියට අපි ඒක පිළිඅරගෙන ආණ්ඩුවට අවස්ථාව දුන්නා.”

Related articles

Recent articles

spot_img