spot_img
spot_imgspot_img

“අර්බුදය නිර්මාණය කළේ කවුද ?” මුදල් ඇමති පාර්ලිමේන්තුවේ දී නොකියා කියයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාව සතුව භාවිතයට ගත හැකි විදේශ මුදල් සංචිත මිලියන 50ක්වත් නැතැයි මුදල් අමාත්‍ය අලි සබ්‍රි අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉදිරි වර්ෂ දෙකක කාලයේ දීවත් මේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය නොහැකි බවයි.

“අවුරුදු දෙකකින් මේ ප්‍රශ්නයට විසඳුම් සොයන්න පුළුවන් ද ? නැතිනනම් මේ සදහා අවුරුදු 10ක් හෝ 12ක් ගතවේද යන්න තීරණය කරන්න වෙන්නේ අපිටමයි. ඒ තීරණය තියෙන්නේ අපේ අතේ. බදු වැඩිවිය යුතු කාලයක අපි බදු අඩු කළා. එය ඓතිහාසික වරදක් බව මා පිළිගන්නවා. බිලී පිත්තක් දෙනවා වෙනවුවට මාළුවෙක් දීමේ අවසන් ප්‍රතිඵලය දැන් අපි භුක්ති විදිනවා. පසුගිය අවුරුදු දෙකේ අපි බිලියන 08ක ණය ගෙව්වා. අපිට මීට පෙර ජාත්‍යන්තර අරමුදලට යා යුතුව තිබුණා. අපේ කාලයේ දී වැරදි ප්‍රතිපත්ති මේ තත්වය ඇතිවීමට උදව් කළා.”

ඩොලරය අල්ලාගෙන සිටීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමාදවීම නොකළ යුතුව තිබුණා. ඒවා මේ රජයෙන් සිදුවූ වරැදි. ඒ ස්වයං විවේචනයට පිළිගැනීමට අපිට සිදුවෙනවා.

අපි එකිනෙකාට බැන ගත්තාම ඩොලර් එල්ලේ නෑ. අපිට ඩොලර් අච්චු ගහන්න බෑ. අපි මේ සඳහා සංචාරක ව්‍යාපාරය වර්ධනය කරගත යුතුයි. නැතිනම්, පක්ෂ පාට බේදවලින් තොරව අපේ ශ්‍රී ලංකිකයින්නේ ඉල්ලුවේ නැත්නම් තවත් බිලියන 03කට විතර මේ සංචිත බහින්න ඉඩ තියෙනවා.

අපි ආයෝජකයන් ගෙන්වා ගන්න ඕනේ. මේ තත්වය තුළ රටට ආයෝජකයෝ එන්නේ නෑ. අපි හැකි ඉක්මණින් ණය ප්‍රතිව්‍යුහගත කරගත යුතුයි.

ඉදිරියේ දී දැනට හිඟ වී ඇති භාණ්ඩ බොහොමයක් වෙළෙඳ පොළේ නැත්තටම නැතිවෙන තත්වයක් උදාවීමට ඉඩ තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!