-5.9 C
New York

කරාපිටිය රෝහල් සේවකයෝ අධ්‍යක්ෂ කාර්යාලයට වටලති. වෛද්‍යවරුන්ට සියලු දීමනා ගෙවලා අනෙක් අයට කුඩම්මාගේ සැළකිලි

Published:

අතිකාල සහ වෙනත් දීමනා නිසි පරිදි නොගෙවීම හේතුවෙන් විරෝධය දක්වමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ හෙද හෙදියන් සහ අනිකුත් කාර්ය මණ්ඩල අද (04) මේ මොහොතේ රෝහල් අධ්‍යක්ෂවරයාගේ කාර්යාලය වටලාගෙන සිටති.

පසුගිය දා රෝහල් අධ්‍යක්ෂවරයා විසින් දැනුම් දී තිබුණේ රටේ පවතින මූල්‍ය අර්බුදය හේතුවෙන් අතිකාල දීමනා ප්‍රතිශතයක් කපා දමන බවයි. ඒ අනුව රුපියල් 30,000.00කට වඩා අඩු දීමනාවක් ලබාගන්නා අයගේ දීමනා කපා නොදමන බවත් රුපියල් 100,000.00ට වැඩි අයගේ 25% ක් කප්පාදු කර ගෙන බවත් දැනුම් දී තිබිණි.

නමුත් සේවක සේවිකාවන් පවසන්නේ රුපියල් 100,000.00 ට වැඩි අතිකාල දීමනා සහ වෙනත් දීමනා ලබාගන්නා වෛද්‍යවරුන්ගේ අතිකාල දීමනා කප්පාදුවකින් තොරව ගෙවා ඇති බවයි. රුපියල් 30,001.00ත් 100,000.00 අතර දීමනා ලබාගන්නා අයගේ කප්පාදු කර ඇති බව ද ඔවුහු පෙන්වා දෙති.

වෛදවරුන්ගේ දීමනා එලෙස ම ගෙව් අතරමැද ශ්‍රේණිවල නිලධාරීන්‍ගේ දීමනා නොගෙවීමෙන් අසාධාරණයක් සිදුව ඇතැයි පැවසූ විට ඔවුන්ට දීමනා ගෙවීමට මුදල් නැතැයි අධ්‍යක්ෂවරයාගේ කාර්යාලයෙන් දැනුම් දී ඇත.

එබැවින් එයට විරෝධය දක්වමින් ඔවුහු මේ වනවිට කරාපිටිය රෝහල් අධ්‍යක්ෂවරයාගේ කාර්යාය වටලාගෙන සිටින අතර ගණකාධිකාරීවරයා ද මේ දක්වා ම කාර්යාලයට පැමිණ නැතැයි ද පැවසේ.

Related articles

Recent articles

spot_img