spot_img
spot_imgspot_img

නියෝජ්‍ය කතානයක ධූරයට ඉම්තියාස් යෝජනා වෙයි

පුවත්

විදෙස්

මේ වනවිට හිස්ව ඇති නියෝජ්‍ය කථානායක ධූරය සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර්ගේ නම යේාජනා කරන බව ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමක දී මේ තීරණය ගෙන ඇත.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයේන අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැත. දැනට පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව ආණ්ඩුවට සහය දෙන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 117කි. එසේ වුව ද ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායමේ මන්ත්‍රීවරු 43ක් සිටිය ද ඔවුන් පවසන්නේ තවත් 19 දෙනකුගේ සහාය තම කණ්ඩායමට ලැබෙන බවයි. එසේ වුවහොත් පමණක් විපක්ෂයේ මන්ත්‍රීවරයකුට නියෝජ්‍ය කතානායකවරයා වීමේ අවස්ථාව හිමිවෙයි.

මේ යෝජනාව සම්බන්ධයෙන් බාකීර් මාකර් එකඟනම් පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!