spot_img
spot_imgspot_img

හෙට පාර්ලිමේන්තුවේ දී ජනතා අරගලය පාවා දීමේ සූදානමක් ?

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හෙට (04) දිනයේ ඉතාමත් තීරණාත්මක වන බව දේශපාලන විචාරකයෝ කියති.

නියෝජ්‍ය කතානායකවරයා ඉල්ලා අස්වී ඇති බැවින් හෙට පාර්ලිමේන්තුව රැස්වූ වහාම නියෝජ්‍ය කතානායකවරයකු පත්කරගැනීම එහි පළමු කාර්යය වෙයි.

එහි දී නියෝජ්‍ය කතානායකවරයාට ඕනෑම කණ්ඩායමකින් ඕනෑම අයකුගේ නම් යෝජනා කළ හැකි අතර ආණ්ඩු පක්ෂයේ නමක් යෝජනා නොකරනු ඇතැයි සිතිය හැකි කාරණයක් නොවේ. මෙලෙස ආණ්ඩු පක්ෂයෙන් නමක් යෝජනා කළ විට විපක්ෂයෙන් ද නමක් යෝජනා කළහොත් නියෝජ්‍ය කතානායකවරයා තෝරාපත්කර ගැනීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇත.

මේ සඳහා දැනට පාර්ලිමේන්තුවේ ඒ ඒ කණ්ඩායම් සංයුතිය අතිශය වැදගත් වේ.

බැලූ බැල්මට ආණ්ඩුවට තවමත් 117ක බහුතර බලයක් හිමිවෙයි. ස්වාධීන වූ කණ්ඩායම් ද එක්වූ විට ආණ්ඩුවට විරුද්ධව ලැබෙනු ඇතැයි සිතිය හැකි සමස්ත ඡන්ද සංඛ්‍යාව 108ක් පමණි. නමුත් ස්වාධීන කණ්ඩාය පවසන්නේ තමන් සතුව දැනට සිටින සංඛ්‍යාව 43 දෙනකු වුව ද ආණ්ඩුවේ තවත් මන්ත්‍රීවරු පිරිසක් තමන්ට සහය දෙන බැවින් තම කණ්ඩායම 62ක් බවයි.

එවිට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සංඛ්‍යාව 98ක් දක්වා පහළ වැටෙයි. නමුත් එය ස්ථිර නැත.

ස්වාධීන වූ කණ්ඩායම ආණ්ඩුපක්ෂයෙන් නියෝජ්‍ය කතානායක ලෙස යෝජනා කරන නමට එරෙහිව විපක්ෂයෙන් යෝජිත පුද්ගලයාට ඡන්දය පාවිච්චි කරන්නේ නම් (ස්වාධීන කණ්ඩායම 62ක් නම්) ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය කතානයාක අපේක්ෂකයා පරාජයට පත්වීම අනිවාර්යය.

එමෙන් ම සමගි ජන බලවේගය පවසන්නේ හෙට (04) වැනි දා ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

දැනට ස්වාධීනව සිටින මන්ත්‍රීවරු එම විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කරන්නේ නම් දැනට ඇති ආණ්ඩුව පාර්ලිමේන්තුවේ බහුතර බලයකින් පරාජයට පත්කර නව ආණ්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා තවත් අවශ්‍ය වන්නේ දැනට ආණ්ඩුවේ සිටින මන්ත්‍රීවරුන්ගෙන් 05 දෙනකුගේ ඡන්දය හෝ මන්ත්‍රීවරු 10 දෙනකු ඡන්දය දිමෙන් වැළකී සිටීම පමණි.

නමුත් ස්වාධීන කණ්ඩායම පවසන්නේ තමන්ට තවත් මන්ත්‍රීවරු 19 දෙනකුගේ සහය ලැබෙන බවයි. ඒ මන්ත්‍රීවරු 19 දෙනාගේ සහය ඇත්ත වශයෙන් ම ලැබෙන්නේ නම් හෙට (04) වැනි දා පාර්ලිමේන්තුවේ දී වත්මන් ආණ්ඩුව බලයෙන් පහකෙරෙනු ඇත. අගමැති මහින්ද රාජපක්ෂගේ අගමැතිධූරයට ද හෙට අහිමිවනු ඇති අතර නව අගමැතිවරයකු සහ නව කැබිනට් මණ්ඩලයක් පත්කරගැනීමට පාර්ලිමේන්තුවේ අවස්ථාව උදාවෙයි.

ස්වාධීන වූ කණ්ඩායම සැබෑවට ම සිදුකරන්නේ අවංක දේශපාලන බල හුවමාරුවක් ද යන්න පිළිබඳ තවමත් දේශපාලන ක්ෂේත්‍රයේ ඇත්තේ විචිකිච්ඡාවකි.

ඔවුන් තමන් මෙතෙක් සහය දැක්වූ ආණ්ඩුවේ නායකයන් සමඟ දිගින් දිගටම සාකච්ඡා කරමින් සිටියි. රටේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පක්ෂ එකකට වැඩි ගණනක ඒකරාශීවීමක් පමණක් ප්‍රමාණවත්ය.

පොහොට්ටු ලකුණෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ මැතිවරණයට ඉදිරිපත් වූ පක්ෂ 11ක් දැන් ස්වාධීනව කටයුතු කරයි. ඒ පක්ෂ වෙන වෙනම යළිත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ සන්ධාන ගත වී ජාතික රජය යන ලේබලය ඇලුවූ ආණ්ඩුවක් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බැරි කමක් නැත.

ඒ සඳහා දැනට ජනතාවගේ කෝපයට ලක්ව ඇති අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වී තමන් මහා සංඝරත්නයේ ඉල්ලීමට ගරු කරමින් ඉල්ලා අස්වන බව පැවසීමටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ම දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, ඩලස් අලහප්පෙරුම, රමේෂ් පතිරණ හෝ වෙනත් අයකු අගමැති කිරීමටත්, නැතිනම් මෛත්‍රීපාල සිරිසේන අගමැති කිරීමටත් ඉඩතිබේ.

පොහොට්ටුවේ නිර්මාණකරුවා වූ බැසිල් රාජපක්ෂ කියා ඇත්තේ වෙනස් ම කතාවකි. ‍පාර්ලිමේන්තුව රැස්වූ විට අගමැති මහින්ද රාජපක්ෂ මහානායක හිමිවරුන්ගේ මතයට හිස නමා අගමැතිධූරයෙන් ඉවත්වන බවයි. එසේ ඔහු ඉවත්වුව ද පොදුජන පෙරම‍ුණේ මැතිවරණ ව්‍යාපාරයේ දී මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත්කරන බවට දුන් පොරොන්දුවට ජනතාව වරමක් දී ඇති බැවින් ඉදිරියේ දී ගොඩනැගෙන ජාතික ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස ද පොහොට්ටුවෙන් මහින්ද රාජපක්ෂ නම්කරන බය ද බැසිල් පවසයි.

2019 ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කිරීමට දැවැන්ත කාර්යභාරයක් කළ විමල් වීරවංශ, උදය ගම්මම්පිළ, වාසුදේව නානායක්කාර ඇතුළු දැනට ස්වාධීන ලේබලය අලවාගෙන සිටින කණ්ඩායම ඊට සහයෝගය ලබාදෙනු ඇත.

දැනටමත් සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය (ජවිපෙ) අන්තර්වාර ආණ්ඩුවකට සහය නොදෙන බව පවසමින් ඔවුන් කරුණු දක්වන්නේ තම ක්‍රියාදාමය සාධාරණීකරණය කරගැනීමට බව ද තර්ක කළ හැකිය.

බත්තරමුල්ලේ අපේගම පරිශ්‍රයේ දී මැයි රැළියක් පවත්වමින් විමල් වීරවංශ ජනතා අරගලය හෑල්ලුවට ලක්කරමින් කතා කළේය. ඔහු කියා සිටියේ ගෝල්ෆේස් පිටියට යන ඕනෑම අයකුට වීරයකු විය හැකි බවයි.

එමෙන්ම ඔහු මැයි රැළියේ දී මෙසේ ද කීවේය.

“ලබන බදාදා පාර්ලිමේන්තුව රැස් වෙනවා. එවිට පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව නව නියෝජ්‍ය කතානායකවරයකු පත් කරගැනීමට සිදුවෙනවා. දෙදෙනෙක් ඉදිරිපත් වුණොත් ස්වාධීන වූ අපේ කණ්ඩායම නියෝජනය කරන අපේක්ෂකයා බොහෝවිට ජයග්‍රහණය කිරීමට පුළුවන්. එහෙම වුණොත් ‘ආණ්ඩුවට 113 නැහැ’, කියා පෙනෙන්න පටන් ගන්නවා. ආණ්ඩුවේ සමහරු පිළිනොගන්න එක, එතැනදී පිළිගැනීමට සිදුවෙනවා. අපි නම් යෝජනා කරන්නේ එතැනට යන්න දෙන්න එපා, කියලයි.”

මේ සියල්ලෙන් ගම්‍ය වන්නේ හෙට පාර්ලිමේන්තුවේ දී සට කපට දේශපාලනයේ කූඨප්‍රාප්තිය දැකගත හැකිවන බවයි.

මේ දේශපාලන දාම් ඇදිල්ල විග්‍රහකර බැලූ විට පෙනෙන්නට තිබෙන්නේ මෙතෙක් 2019 නොවැම්බරයේ ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වූ දා පටන් මේ රට ව්‍යවස්ථාදායකය තුළ පාලනය කළ කණ්ඩායම ම ජනතා අරලයට සහය දෙන බව පවසා එළියට බැස නැවත වෙනත් ස්වරූපයකින්‍, වෙනත් ලේබලයකින් ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ ඇති බවකි.

එය මේ පවතින අරගලයට සැබෑ විසඳුමක් නොවන බව දේශපාලන විචාරකයෝ කියති.

මේ තවත් එක් බල අරගලයක් කළමනාකරණය කරගෙන හිටපු ආණ්ඩුව ම පාලන බලය දිගටම ගෙන යාමේ උප්පරවැට්ටියකි.

මේ වනවිට පාර්ලිමේන්තුවේ සංයුතිය පහත සඳහන් කර ඇත.

විපක්ෂය 65

සමගි ජන බලවේගය 48

ද්‍රවිඩ ජාතික සන්ධානය 10

ජාතික ජන බලවේගය (ජවිපෙ) 03

විග්නේෂ්වරන් කණ්ඩායම 02

එක්සත් ජාතික පක්ෂය 01

TMTK පක්ෂය 01

ආණ්ඩු පක්ෂයට සහය දක්වන පිරිස  117

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 109

EPDP 02

TMBP 1

මුස්ලිම් කොංග්‍රසය 01

ACMC (රිෂාඩ්) 01

සමගි ජන බලවේගයේ 03

ආණ්ඩුව සමඟ එක්ව සිට ස්වාධීන වූ කණ්ඩායම 43

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!