spot_img
spot_imgspot_img

අරගලයට ගිය තරුණයන් දෙදෙනෙක්, යක්කල පොලිසියෙන් අත්අඩංගුවට ගෙන පහරදීලා

පුවත්

විදෙස්

ගාලු මුවදොර පැවැත්වෙන අරගලයට සහභාගී වී මාධ්‍යයට අදහස් දැක්වූ පන්නල තරුණයන් දෙදෙනකු යක්කල පොලිසිය විසින් නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන පහර දී ඇතැයි වාර්තා වේ.

මෙම තරුණයන් දෙදෙනා යක්කල ප්‍රදේශයේ තාවකාලික පදිංචිකරුවන් වන අතර ඔවුන් අතරින් සමන් කුමාර රන්තිලක නම් තරුණයා සම්බන්ධයෙන් පොලිසිය විෂය භාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග ද පසුගිය දා පාර්ලිමේන්තුවේ දී නම් සඳහන් කර තිබිණි.

ඉන් පසු ඊයේ (02) ඔහු නිවසේ නොසිටි අවස්ථාවක නිවසට පැමිණි පොලිස් නිලධාරින් විසින් ඔවුන්ගේ යතුරුපැදිය නීති විරෝධී ලෙස පොලිසියට ගෙනගොස් තිබේ. එම යතුරුපැදිය ලබාගැනීමට අවශ්‍යනම් පොලිසියට එන ලෙස දැනුම් දී ඇත

මෙම තරුණනයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රොෂාන් කහටපිටිය පවසන්නේ “බයික් එක ඕනේ නම් පොලිසිය එන්න කියපං” කියා එය රැගෙන ගිය පොලිසිය යතුරුපැදිය රැගෙන ඒමට ගිය ඔහුට “බයික් එක ඕනනම් උඹේ යාලුවාටත් එන්න කියපං” යනුවෙන් දැනුම් දී ඇති බවයි.

නීතිඥ රොෂාන් කහටපිටිය සමඟ නීතිඥ තරංග වීරසිංහ, නීතිඥ නිමල් රණසිංහද එම ස්ථානයේ මේ වනවිට රැඳී සිටින අතර පොලිසිය යතුරුපැදිය පොලිස් භාරයට ගැනීම සම්බන්ධයෙන් කිසිදු සටහනක් නොමැතිව එය නැවත එක් තරුණයකුගේ සහෝදරයෙක් වෙත භාර දී තිබේ.

පොලිසිය නීතිඥවරුන්ට පවසා ඇත්තේ මේ තරුණයන් නිවසේ කංසා වවා ඇති බවයි.

එසේ වුව ද පොලිසිය කරන ලද පරීක්ෂණවල දී ඔවුන් සිටි නිවෙස්වල කිසිදු ආකාරයක නීතිවිරෝධී සිදුවීමක් වූ බවට සාක්ෂි හෝ අත්අඩංගුවට ගත් හේතුව ලෙස මත්ද්‍රව්‍ය චෝදනාවක් හෝ පොලිසිය විසින් ඉදිරිපත් කර නැත.

එම තරුණයන් දෙදෙන නීතිඥවරුන්ට පවසා ඇත්තේ පොලිසියට ගෙන ආ මොහොතේ “තමුසෙලා ගෝල්ෆේස් ගිහින් ආණ්ඩුවට විරුද්ධව වොයිස්කට් දුන්නා නේද ?” යැයි විමසමින් තමන්ට පහර දී සිර මැදිරියකට දැමූ බවයි. ඉන් පසු නැවත කූඩුවෙන් එළියට ගෙන කිහිප වතාවක් පහරදුන් බවත් තරුණයන් දෙදෙනා නීතිඥවරුන්ට පවසා ඇත.

නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඇතුළු නීතිඥවරු කණ්ඩායමක් මේ තරුණයන් දෙදෙනා වෙනුවෙන් මානව හිමිකම් චෝදනාවක් ‍ොනු කිරීමට ද මේ වනවිට කටයුතු කරමින් සිටියි. කෙසේ වෙතත් අද (03) මේ දක්වාම තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට නිශ්චිත හේතුවක් පොලිසිය විසින් නීතිඥවරුන්ට දැනුම් දී නැත.

නීතිඥවරු පවසන්නේ මේ තරුණනයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පහර දී ඇත්තේ ගෝල්ෆේස් අරගලයට සහභාගී වීම සහ එහි දී මාධ්‍යයට අදහස් දැක්වීම යන චෝදනාව එල්ලකරමින් බවයි. ශ්‍රී ලාංකික පුරවැසියන්ට තමන්ට ඇතිවන පීඩාවන්ට එරෙහිව අරගල කිරීමට ඇති අයිතිය සහ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය නොතකමින් පොලිසිය මේ ආකාරයෙන් නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබාගැනීම්, පහරදීම් සිදුකිරීම බරපතල වරදක් බව නීතිඥ සංගමය පවසයි.

පොලිසිය විසින් තමන්ට පහරදීම සම්බන්ධයෙන් සමන් කුමාර විසින් යක්කල පොලිසියට ම පැමිණිල්ලක් කර තිබේ.

සමන් කුමාර විසින් කරන ලද පැමිණිල්ලේ ලදු පත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!