-4.8 C
New York

“ඕනෑම රස්තියාදුකාරයකුට ගෝල්ෆේස් පිටියේ දී වීරයකු විය හැකියි” – විමල් වීරවංශ කියයි

Published:

“ඕනෑම රස්තියාදු කාරයකුට අද ගාලු මුවදොරට ගිහින් රටේ වීරයෙක් වෙන්න පුළුවන්. අර්බුදය ඇතුළේ අරගලකරුවෙකු වන එක මහ දෙයක් නෙවෙයි. ජාතික කොඩියක් අරගෙන අරගල භූමියට ගිය ගංජා විකුණූ පොලිස් නිලධාරියත් වීරයෙක් වුණා.” යැයි ආණ්ඩුවට ‍එරෙහි වෙමින් තම පක්ෂ ස්වාධීනව කටයුතු කරනවා යැයි කියූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී පැවැති ජාතික නිදහස් පෙරමුණේ මැයි රැළිය අමතමිනි.

“අර්බුදය ඇතුලේ අරගලකරුවකු වීම නෙවෙයි අභියේාගය, රටත් රාජ්‍යයත් එකම අර්බුදයෙන් එළියට එන විට වෙනස් මාවතක්, වෙනස් මිනිහෙක් නිර්මාණය වන තැනට ඒ අර්බුදය කළමනාකරණය කිරීමයි ඇත්ත අරගලය. සටන්පාඨ විතරක් තියෙන අරගලය ඇත්ත අරගලය නොවෙයි. මෙහෙම යන්න දීලා බලන් හිටියොත් පාලන සුක්කානම නතර වෙන තැන කාටවත් කියන්න බැහැ. කාටවත් තීරණය කරන්නත් බැහැ. අපි ඉන්නේ එවැනි අභියෝගයක් පාමුල. ආණ්ඩුවත් එක්ක තියෙන ප්‍රශ්නය බේරාගන්න ගමන් මේ අර්බුදය අරාජිකත්වයේ තෝතැන්නක් බවට පත්වීමට ඉඩ නොදී අර්බුදය මේ රට වැරදි ගමන් මාර්ගයෙන් එළියට ගන්නා තැනක් බවට පත්කිරීමට අවශ්‍යයි. අපි පවරාගෙන තියෙන්නේ ඒ දේශපාන භූමිකාවයි.” යනුවෙන් ද හිටපු අමාත්‍යවරයා කීවේය.

Related articles

Recent articles

spot_img