spot_img
spot_imgspot_img

නව අගමැතිවරයා ගැන බැසිල් හෙළි කරයි

පුවත්

විදෙස්

මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තම ධූරයෙන් ඉල්ලා අස්වීමට ඉඩ ඇතැයි බැසිල් රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්‍තේ ස්වාධීන මන්ත්‍රීවරුන් සමඟ පැවැති සාකච්ඡාවේ දී ය.

අගමැතිවරයා ඉල්ලා අස්වී කෙටි කාලයක් සඳහා පිහිටුවනු ලබන සර්ව පාක්ෂික රජයේ අගමැතිවරයා පත්කිරීමේ දී ඒ සඳහා ඒ ඒ පක්ෂවලින් ඉදිරිපත්කරන යෝජනා අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන්නේ මහින්ද රාජපක්ෂගේ නම බවත්, වෙනත් අයකු යෝජනා නොකරන බවත් හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

පසුගිය මහා මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතාවගෙන් බලය ඉල්ලා සිටියේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස කටයුතු කරන බව පවසමින් බැවින් එදා ජනතාව සමඟ පැවැති සම්මුතිය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නැතැයි ද බැසිල් රාජපක්ෂ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!