-5.9 C
New York

රඹුක්කන වෙඩි තැබූ පොලිස් නිලධාරීන්ට ඇප නෑ

Published:

රඹුක්කන සිද්ධියේ දී අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ට ඇප ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම අද (02) කෑගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්තා නවරත්න ප්‍රතික්ෂේප කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද සැකකරුවන් සිව් දෙනා අධිකරණයට ඉදිරිපත් නොකළ අතර කියා සිටියේ ඔවුන් බන්ධනාගාර නිලධාරීන් භාරයේ සිටින බවයි. නමුත් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වූයේ එම පොලිස් නිලධාරීන් පොලිස් රොහලේ නේවාසිකව සිටින බවකි.

මෙම නිලධාරීන් සම්බන්ධයෙන්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්නේ උපදෙස් ගැනීමට බලාපොරොත්තු වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ දී පවසා තිබේ.

නමුත්, එම නිලධාරීන් වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයකු මීට පෙර පෙනී සිටීම ගැටලුවක් බව ද විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අද අධිකරණයේ දී කියා සිටියහ.

මෙම නඩු විභාගය ලබන 09 වැනි දා යළි කැඳවීමටත් එදිනට සියලු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

Related articles

Recent articles

spot_img