-4.8 C
New York

පොහොට්ටු කුට්ටම බෙදා, අනා, ජාතික ආණ්ඩු තුරුම්පුව ගැසීමේ සූදානමක්

Published:

රටේ ආර්ථික අර්බුදය හේතුවෙන් ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් ඉල්ලා අස්වන ලෙස ජනතාව අඛණ්ඩ විරෝධතාවක් ආරම්භ කළ විට ස්වාධීන වූ ආණ්ඩුවේම මන්ත්‍රීවරු නැවත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ එක්ව ජාතික ආණ්ඩු සංකල්පය යටතේ අලුත් ආණ්ඩුවක් පිහිටුවීම ට අද (02) දිනයේ වැඩිදුරටත් සාකච්ඡා පැවැත්වූහ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එම සංකල්පයට කැමැත්ත පළකර ඇතැයි ද දැනගන්නට තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ පැවැති මෙම සාකච්ඡාව සඳහා ස්වාධීන වූ පක්ෂ නියෝජනය කරමින්, නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, විමල් වීරවංශ, උදය ගම්මම්පිල සහ ටිරාන් අලස් යන කණ්ඩායමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් ජී.එල්.පීරිස්, සාගර කාරියවසම්, බැසිල් රාජපක්ෂ, රමේෂ් පතිරණ සහ සංජීව එදිරිමාන්න යන පිරිසත් සහභාගී වී තිබේ.

විපක්ෂයේ සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ. දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජාතික පක්ෂය යන අ‍නිකුත් පක්ෂ ද මෙම ජාතික ආණ්ඩුවට සම්න්ධ කරගැනීම සඳහා සාමූහික ක්‍රියාමාර්ග ගැනීමට ද මේ අවස්ථාවේ දී සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ.

Related articles

Recent articles

spot_img