-2.1 C
New York

මල්වත්ත මහ නා හිමියෝ දේශපාලකයන්ට තහංචි දමති

Published:

කිසිදු දේශපාලනඥයකුට තමන් හමුවීමට තවදුරටත් අවසර නැතැයි මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියෝ කියති.

රට පත්ව ඇති අර්බුදයෙන් මිඳිම සඳහා ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගේ පූර්ණ එකඟතාවයෙන් ජනාධිපති, අගමැති සහ අනිකුත් පක්ෂ නායකය් වෙත පසුගිය දා ඉදිරිපත්  කරන ලියවිල්ල සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් නොමැතිවීම හේතුවෙන් මේ තීරණය ගත් බව ද නාහිමියෝ පවසති.

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා සමගි ජන බලවේගය ඉදිරිපත් කළ ලියවිල්ල මහානාහිමිවරුන්ට පිළිගැන්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහනුවරට පැමිණි අවස්ථාවේ මල්වතු මහ නාහිමියන් බැහැදැකීමට අවසර ලැබුණේ නැත. එමෙන් ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් ද 29 වැනි දා උන්වහන්සේ හමුවී ඔවුන්ගේ යෝජානා ඇතුළත් ලියවිල්ලක් පිළිගැන්වීට අවසර ඉල්ලා සිටිය ද ඒ සඳහා ද අවසර ලබාදී තිබුණේ නැත.

Related articles

Recent articles

spot_img