-4.8 C
New York

මාරාන්තික නව කොරෝනා ප්‍රභේද දෙකක් වාර්තා වෙයි

Published:

මෙතෙක් හඳුනාගත් සියලු ප්‍රභේදයන්ට වඩා දරුණු කොරෝනා නව ප්‍රභේද දෙකක් දකුණු අප්‍රිකාවේ වෛරස විද්‍යාඥයන් විසින් හඳුනාගෙන තිබේ.

කොවිඩ් 19 වයිරසේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ ම නව ආකාර දෙකක් ලෙස මෙය හඳුනාගෙන ඇති අතර එම ප්‍රභේද දෙක බීඒ 4 සහ බීඒ 5 ලෙස නම්කර තිබේ.

ඔමික්‍රෝන් ප්‍රභේදයේ මීට පෙර හඳුනාගෙන තිබූ බීඒ 1, බීඒ 2 සහ බීඒ 3 ප්‍රභේද සියල්ලටම වඩා මෙය දරුණු බවත් සිරුරේ ප්‍රතිශක්තීකරණය අඩපණ කරන බවත් වෛද්‍යවරු අනතුරු අඟවා ඇත. එමෙන්ම මේ නව ප්‍රභේද දෙක කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත්වලට ද ප්‍රතිරෝධයක් දක්වයි.

මේ වනවිට අප්‍රිකාව කොරෝනා පස්වැනි රැල්ලෙන් පීඩා විදිමින් සිටියි.

ලෝක සෞඛ්‍ය සංවිධානය ‘බී.ඒ.4’ සහ ‘බී.ඒ.5’ උප ප්‍රභේද ගැන දැඩි විමසිල්ලෙන් පසුවන අතර ඒ පිළිබඳ සියලු රටවලට අනතුරු ඇඟවීම් ද සිදුකර තිබේ.

https://www.reuters.com/business/healthcare-pharmaceuticals/covids-new-omicron-sub-lineages-can-dodge-immunity-past-infection-study-2022-05-01/

https://fortune.com/2022/04/30/are-ba4-ba5-in-united-states-detected-omicron-covid-stealth-omicron-more-transmissible/

Related articles

Recent articles

spot_img