spot_img
spot_imgspot_img

කෝටි 50ට ඇමතිකම් බෙදලා. හිටපු ඇමති, CID පරීක්ෂණයක් ඉල්ලයි

පුවත්

විදෙස්

“ මහවැලි රාජ්‍ය අමාත්‍යධූරය මගෙන් ඉවත් කරලා වෙනත් අයකුට ලබාදුන්නේ කෝටි 50ක් වියදම් කරලා කියලා මේ රටේ ප්‍රකට ව්‍යාපාරිකයෙක් කියනවා. මේ විදියේ ගනුදෙනුවලට ද ඇමතිකම් තීරණය කරන්‍නේ” යැයි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (01) පොළොන්නුරුවේ දිඹුලාගල සිරිපුර මැයි දිනයට සමගාමීව පැවැත්වූ “ආකල්පමය වෙනසක්, ජාතික ප්‍රතිපත්තියක්” නමැති රැස්වීමක දී අදහස් දක්වමිනි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“රොෂාන් රණසිංහ මහවැලි රාජ්‍ය අමාත්‍යධූ‍රයේ හිටියොත් අපේ අයියාගේ දේශපාලනයට තර්ජනයක් වෙන නිසා කෝටි 50ක් දීලා එයාව අයින් කළා කියන ව්‍යාපාරිකයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කළ යුතුයි. මේ විදියට කෝටි 50කට ඇමතිකම් විකිණෙන්න ඒ කෝටි 50 ගත්තේ කවුද කියලා හොයන්න යැයි මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා.”

“වසර 74ක් ම මේ රට පාලනය කළේ වයෝවෘද්ධ නායකයෝ.  නමුත් තරුණ බුද්ධිමත් නායකයන් ඉන්නවා. ඔවුන්ට ආකල්පමය වෙනසක් කරන්න පුළුවන්. ඒ අයට රට පාලනය කරන්න අවස්ථාව දිය යුතුයි. මේ වෙලාවේ ජාතික ආණ්ඩුවකට හෝ අන්තර්වාර පාලනයකට අකමැති කෙනෙක් ඉන්නවානම් ඒ අය පාර්ලිමේන්තුවට යවන්න එපා. වෛරයෙන් ක්‍රෝධයෙන් පළිගැනීමේ චේතනාවෙන් වැඩ කරපු නිසා තමයි තුනෙන් දෙකක් තිබුණු මේ ආණ්ඩුව ටික කාලයක් යනකොටම ජනතාවට එපා වුණේ.  පාපැදියක්වත් නැතිව පාර්ලිමේන්තු ආපු අය 225 දෙනා අතර ඉන්නවා. නමුත් දැන් ජවාරම්වලින් හොඳ තැන්වලට ඇවිත්. පාර්ලිමේන්තුවේ හොඳ පිරිසකුත් ඉන්නවා. මේ රට ගොඩගන්න නම්, අපි වගේම, රටේ රාජ්‍ය සේවකයනුත්, මහජනතාත් ලොකු කැපකිරීමක් කරන්න ඕනෑ.  මේ සඳහා ආකල්පමය වෙනසක් ඇති කරලා ජාතික ප්‍රතිපත්තියක් අනුව ක්‍රියාත්මක විය යුතුයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!