-4.8 C
New York

අන්තර්වාර පාලනය ගැන තීරණාත්මක සාකච්ඡාවක් අද

Published:

අන්තර්වාර පාලනයක් ඇතිකිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් පිරිසක් සහ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සමඟ අද (02) ජනාධිපතිවරයා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසන්නේ ස්වාධීන වූ කණ්ඩායම විසින් දැනටමත් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය ද මෙහි දී සාකච්ඡාවට ගන්නා බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ අන්තර්වාර පාලනයට පොදුජන පෙරමුණ ද එකඟ බවයි. ඒ සඳහා සියලු පක්ෂ එක්විය යුතුයැයි ද හෙතෙම සඳහන් කළේය.

මෙම සාකච්ඡාව අද (02) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී පැවැත්වීමට නියමිතය.

Related articles

Recent articles

spot_img