-0.3 C
New York

බාලවයස්කරුවකු පැදවූ ඩිෆෙන්ඩරයක යතුරුපැදිකරුවකු මරුට. ඩිෆෙන්ඩරයට ගිනි තබයි

Published:

බාලවයස්කරුවකු විසින් පැදවූ ඩිෆෙන්ඩරයක් සහ යතුරුපැදියක් කුලියාපිටිය කනදුල්ල මහා විද්‍යාලය අසළ දී  අද (01) සවස ගැටීමෙන් යතුරුපැදිකරුවකු මියගොස් ඇති අතර කෝපයට පත් පිරිස ඩිෆෙන්ඩරයට ගිනි තබා විනාශ කර තිබේ.

මෙම අනතුර සවස 6.30ට පමණ සිදුව ඇත.

මියගොස් ඇත්තේ කුලියාපිටිය කනදුල්ල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.

ඩිෆෙන්ඩර් රථය පොලිසියට රැගෙන යාමට උත්සාහ ගැනිමේ දී කෝපයට පත්වූ පිරිස් එම රථයට පහර දී ගිනිතබා විනාශ කර තිබේ.

ඩිෆෙන්ඩරය පදවාගෙන ආ බාලවයස්කරු මේ වනවිට කුලියාපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Related articles

Recent articles

spot_img