spot_img
spot_imgspot_img

“පාස්කු ප්‍රහාරය ඡන්දය දිනන්න කරපු වැඩක්” යැයි අගරදගුරු කියයි

පුවත්

විදෙස්

පාස්කු ප්‍රහාරය පිටුපස තිබුණේ ඡන්දය ජයග්‍රහණය කිරීමේ චේතනාවක් බවත්, ඒ නිසා මේ ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක්, පිහිටක් ශ්‍රී ලංකාව තුළ නොලැබෙන බවත් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (01) ඉතාලියේ පාදුවා නගරයේ ශුද්ධ වූ අන්තෝනි මුනි‍ඳුන්ගේ සිද්ධස්ථානයේ දී දිව්‍ය පූජාවට එක්වෙමින් කියා සිටියහ.

මෙම දිව්‍ය පූජාව සිංහල භාෂාවෙන් පැවැත්විණි.

“ශ්‍රී ලංකාවේ පවතිනන ක්‍රමය වෙනස් විය යුතුයි. නව ගමනකට යොමුවීම අවශ්‍යයි. ඒ සඳහා ජනතාවට ශක්තිය ලබාදෙන ලෙස යාඥා කරනවා. එදා පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ බලයේ සිටි ජනාධිපතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් මෙන් ම ආරක්ෂක අංශ භාරව සිටි නිලධාරීන් ඕනෑකමින් ඒ ප්‍රහාරය වැළැක්වීමේ වගකීම පැහැර හැරියා. මේ ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ දී සාධාරණයක් ඉටු වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ ප්‍රශ්නය ජාත්‍යන්තරයට ගෙන එන්න කටයුතු කළා.”

කාදිනල්වරයා වැඩිදුරටත් කියා සිටියේ අවුරුදු 03ක් ම තමන් යුක්තිය ඉල්ලා සිටි බවයි. මේ ප්‍රහාරය පිටුපස ඉන්නා අය අනාවරණය කරන ලෙස ඉල්ලාසිටි බවත්, නමුත් ඒ ප්‍රහාරය සම්බන්ධව බොහෝ දෙනකු තොරතුරු දැනගෙන බල කාමය හේතුවෙන්, බලය අල්ලාගැනීම් කෑදරකම හේතුවෙන් එවකට හිටි ජනාධිපතිතුමා ඇතුළු සියලු දෙනා මේ වගකීම් පැහැර හැරි බව ද අගරදගුරුතුමා කියා සිටියහ.

“මේක කළේ ඕනෑකමින්. ඡන්දය දිනන්න ඕන නිසා. ඒක තමයි මේ පිටුපස තිබූ චේතනාව. අපි රට ආරක්ෂා කරනවා. අපිට රටට යුක්තිය දෙනවා කියලා කියන්න ඕන කම තිබුණා. ඒ නිසා මේ දේ කළා. එහෙම අවශ්‍යතාවක් නොතිබුණා නම් දැනගෙන හිටපු අය අපට කියන්න තිබුණා මේ වගේ දෙයක් වෙන්න යනවා කියලා. නමුත් එයාලා කළේ ලියුමක් හුවමාරු කරගෙන එයාලා ආරක්ෂාවීම පමණයි. නමුත් අහිංසක ජනතාව බිලි දුන්නා. මේ පාස්කු ප්‍රහාරයෙන් තමයි දූෂිත ක්‍රමයේ වැරැද්ද අපි දැක්කා. පාස්කු ප්‍රහාරය යට ගහන්න දරපු උත්සාහය අදටත් කරගෙන යන්න බලනවා. දෙන්නෙකුට විරුද්ධව ‍බොහොම දියාරු නඩු දාලා ඒ දෙන්නවත් නිදහස් කළා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!