spot_img
spot_imgspot_img

“නිවැරදි තීරණ ගන්නවානම් රට ගොඩදාන්න පුළුවන්” – රනිල් කියයි

පුවත්

විදෙස්

නිවැරදි තීරණය ගන්නේ නම් 2023 වර්ෂය අවසන්වීමමට පෙර ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර කළ හැකියැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අද (01) කීවේය.

ඒ සඳහා දේශීය වශයෙන් වගේම ජාත්‍යන්තර වශයෙනුත් අපිට නිවැරදි තීරණ අවශ්‍ය වෙනවා. යැයි ද ඔහු කීවේය.

ඔහු මේ බව කියා සිටියේ ජාතික සේවක සංගමය විසින් සංවිධානය කර තිබූ මැයි රැළියට එක්වෙමිනි.

“අපි මේ සඳහා අලුත් ගමනක් යන්න ඕනෑ. පරණ දේශපානයෙන් ඉවත්වෙලා හැමෝම එක්ව කටයුතු කළ යුතුයි. මේ වනවිට මේ රටේ තරුණයන් පමණක් නෙවෙයි සියලු දෙනාගේ ම අනාගතය අහිමිවෙලා තියෙනවා. රට අරාජික වෙලා. හැමතැනම උද්ඝෝෂණ තියෙනවා. අද තියෙන්නේ ගෝඨා ගෝ හෝම් රාජපක්ෂ ගෝ හෝම් කියන සටන් පාඨ විතරයි. ආණ්ඩුවේ ඇතුළත් කඩා වැටීමක් තියෙනවා. රාජපක්ෂ පවුලේත් ඝට්ඨන තිබෙන බව පෙනෙනවා. මේ ආණ්ඩුවටත්, ජනාධිපතිවරයාටත් ලැබී තිබුණු ජනවරම දැන් ආහෝසි වෙලා ගිහින්. සාමාන්‍ය භාෂාවෙන් කියනවානම් ඒ ජනවරම දැන කැන්සල් වෙලා.” යැයි ද ඔහු වැඩිදුරටත් කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!