-5.9 C
New York

ජනාධිපති ඉවත්කරන හැටි ගැන, ග්වාටමාලාවෙන් ලැබුණු අපූරු ආදර්ශය

Published:

ශ්‍රී ලංකාවට සෑම අතින්ම සමාන වූ ග්වාටමාලාවේ සිටි දූෂිත ඒකාධිති පාලකයකු ඉවත්කිරීමට එරට ජනතාව ඉතාමත් සාර්ථක ජන අරගලයක් සිදුකර එම අරමුණ ජයගත් ආකාරය මෙහි පහතින් පළකර ඇති වීඩියෝවේ විස්තරාත්මක ව දැක්වෙයි.

උතුරු ඇමෙරිකා සහ දකුණු ඇමෙරිකා මහද්වීප අතර පිහිටි ජෛව විවිධත්වයෙන් සහ ජනජීවිතයෙන් ද අප රටට ඉතාමත් සමානකම් දක්වන ග්වාටමාලාව අපේ රටේ වැනිම ජනගහනයක් ජීවත්වන රටකි.

එමෙන්ම ඉතාමත් පැරණි ශිෂ්ඨාචාරයකට හිමිකම් කියන එරට වැසියන් ද අවුරුදු 30ක යුද්ධයකට මුහුණ දී සිටි අතර එම යුද්ධය ජයග්‍රහණයට නායකත්වය දුන් ජනරාල්වරයෙක් එ‍රට විධායක ජනාධිපතිවරයා බවට පත්වෙද්දී ඔහුගේ දැඩි තීරණ, විනයගරුක බව රටේ අභිවෘද්ධියට හේතුවනු ඇතැයි එරට ජනතාව දැඩි ලෙස විශ්වාස කළහ.

නමුත් ඔහු බලයට පත්වී කෙටි කාලයකින් ම අන්ත දූෂිත පාලකයකු බව තේරුම්ගත් ජනතාව ඔහුට ඉවත්වන ලෙස බල කරමින් හෑෂ් ටැග් නිර්මාණය කරමින් අරගලයක් ඇරඹූහ. පළමු දිනයේ අරගලයට සහභාගී වූ සංඛ්‍යාව 11,000කි. පසුව එය රට පුරාව ව්‍යාප්ත වී ගිය අතර ජනාතව ඒකරාශී වී ජනාධිපතිවරයා බලයෙන් පහකරනු ලැබීය.

ග්වාටමාලාවෙන් සිදුවූ දෙයට බොහෝ සෙයින් සමාන දෙයක් දැන් ශ්‍රී ලංකාවේ සිදුවෙමින් තිබේ.

මේ ඒ පිළිබඳ සිදුකරන අපූරු පැහැදිළි කිරීමකි.

Related articles

Recent articles

spot_img