-5.9 C
New York

දරුවාට බෙහෙත් නැතැයි කී යුවළට, මන්ත්‍රීගේ සොහොයුරා පහර දෙයි

Published:

තම දරුවාට අවශ්‍ය ඖෂධ නැතැයි කියමින් ආණ්ඩුවට විරෝධය දක්වා facebook සටහනක් දැමූවා යැයි කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ සහෝදරයෙක් තමන්ට පහර දුන් බවට අඹු සැමි යුවළක් කිරිඳිවැල පොලිසයට පැමිණිලි කර තිබේ.

මෙලෙස පැමිණිලි කර ඇත්තේ කිරිඳිවැල මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි යුවළකි.

ඔවුන් පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලකගේ බාල සහෝදරයා තමන්ට පහරදුන් බවයි.

මෙම ප්‍රහාරය හේතුවෙන් එම යුවළ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද කිරිඳිවැල පොලිසිය පවසයි.

ඔවුන් දෙදෙනා තම දරුවාට ඖෂධ රැගෙන ඒමට නගරයට ගොස් නැවත නිවසට පැමිණි අවස්ථාවේ දී මෙම පහරදීම සිදුකර තිබේ.

Related articles

Recent articles

spot_img