spot_img
spot_imgspot_img

තෙල්වලින් කොමිස් ගහලා රටම විනාශ කළ පාලකයෝ ගැන හෙළිදරව්වක්

පුවත්

විදෙස්

මේ වනවිට ශ්‍රී ලංකාවේ බෙදාහරින ඉන්ධන භාවිතා කරන වාහන සියල්ල ටික දිනකින් නැවත භාවිතා කළ නොහැකි තත්වයට පත්වනු ඇතැයි ඉන්ධන, විදුලි සහ ජල ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පවසයි.

ඔහු පවසන්නේ මෙරට දැන් අළෙවි කරන පෙට්‍රල් සහ ඩීසල්වලට භූමිතෙල් කලවම් කර ඇති බවයි. මේ බව සනාථවන සාම්පල එකතුකර බලධාරීන්ට ලබාදුන්න ද ඒවා ජාත්‍යන්ර ප්‍රමිති පරීක්ෂණයකට යොමුකර නැතැයි ද ඔහු කියා සිටියේය.

ආනන්ද පාලිත මේ බව කියා සිටියේ meemassoTv නමැති YouTube නාලිකාවේ මාධ්‍යවේදී කල්ප ගුණරත්න සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

92 ඔක්ටේන් නැවක් අවසන් වරට මෙරටට ගෙන්වා ඇත්තේ අප්‍රේල් 19 වැනි දා බවත් නැවකට ඩොලර් ලක්ෂ 420 කට වඩා ප්‍රමාද ගාස්තු ගෙවා ඇති බවත් කොමිස් කුට්ටිමත නැටීම නිසා මේ ගැටලුව ඇති බවත් ඔහු කියයි. පිරිපහදුව වැසූ නිසා ඩොලර් ලක්ෂ 07ක් දිනකට ගෙවන බව ද ඔහු පෙන්වාදෙයි.

ඉන්ධන රථ 600ක් තියෙනවා ඉන්ධන බෙදාහැරීමෙන් 95%ක් ආවරණය කරනවා. සිය ගණනක් රියදුරන් තෙල් සංස්ථාවේ හිටියත් බවුසර් 90ක් වගේ ගණනක් පමණයි. මේ අය ඉල්ලන්නේ කිලෝ මීටරයට රුපියල් 60.00ක වැඩිවීමක්. මේ දේ නැතිවුණොත් තෙල් බෙදා හැරීම සම්පූර්ණයෙන් ම නවතිනවා. සංස්ථාවෙන් තෙල් යවන්නේ ඉතාමත් සීමිත කරලා. දින 11ක් වෙනවා 92 පෙට්‍රල් නැවක් ඇවිත් තවත් නැව් දෙකක් එන්න තියෙනවා. ඒ දෙක ගෙන්වන්නේ නැතවි දින 30ක් මූදේ තියාගෙන ඉදලා ගත්තා. ඩොලර් 520,000ක් ප්‍රමාද ගාස්තු ගෙව්වා. හදිසි මිල දී ගැනීමක්  විදියට

මේක ගසාකෑමක්, චීන වරායේ තෙල් ටැංකි 99 ම සහ ජැටිය ඉන්දියාවට දීලා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ණයක් ගත්තා. මේ නැව් ගෙන්නුවේ අපේ පාලකයන්ගේ වුවමනාවට. පිට පාරෙන් ගිහින් නැව් ගේනවා. අපිට පෙට්‍රල් තියෙන්නේ අන්තිම අඩියේ. ඩීසලුත් ඒ වගේ. මේවා හිර කරගෙන පෙට්‍රල් ඩීසල් නැව් ගෙන්වන්නේ නැතිව වැඩි මිලට ගෙනාපු නැව් ගොඩබාන්න ඕන නිසා ඒවා නවත්වනවා.

මේ හදිසි මිල දී ගැන්මී කරන්නේ ඇයි කොමිස් නිසා හදිසි මිලදී ගැනීම් නැව් 12කට වඩා ගත්තා. කොමිස් කුට්ටියට මේවා කරන්නේ. ‍ඩීසල් මාසයකට මෙට්‍රික් ටොන් ලක්ෂ 02ක් ගෙන්වනවා. විදුලිබල මණ්ඩලයට තෙල් මෙට්‍රික් ටොන් 6,000ක් දෙන්නේ නැතිව වැඩි මිලට මිල දී ගත්තා ඒකට රුපිියල් කෝටි 86කට වඩා වැඩිපුර වියදම් කළා.

විදුලි සැපයුම අවුල් ජාවාරමක් කළේ මේ තෙල් මගඩිය නිසා. ඒකෙන් ගසා කන්න. පිරිපහදුව නැති කළ නිසා තමයි දැන් භූමිතෙල් නැති වුණේ.

මට අවුරුදු 40ක අත්දැකීම් තියෙනවා. මේක ඔලමොට්ටල තීරණ නෙවෙයි. සැළසුම්ගතව හොරකන්න කරපු වැඩක්.

දැවිතෙල් ඕන වෙන්නේ බලාගාරවලට. අපි දැවිතෙල් වෙනුවට දැන් ඩීසල් දෙනවා. දැවිතෙල් ලීටර 80යි ඒක නොදී දැන් ඩීසල් 255 බැගින් දෙනවා. මේවා ගසාකාම්. මේ වනවිට මෙට්‍රික් ටොන් 80,000ක බොරතෙල් නැවක් වරායෙන් එළියේ තියාගෙන ඉන්නවා. මේ ගසා කෑමේ සූත්‍රය නිසා වර්තමාන ඇමති කියනවා වෙනම ඉන්ධන ගෙන්වන්න කියලා විදුලි බල මණ්ඩලයට.

අවුරුද්දටම ලංකාවට ඕනෑ පිරිපහදු නැව් දෙකයිි. මේවා ගෙන්වන්න නැවැත්තුවේ ගසා කන්න.

ලෝකේ කිසිම රටක් තමන්ගේ රටේ තියෙන‍  බොරතෙල් පිරිපහදු අක්‍රිය කරලා නෑ. ඒත් මේ ආණ්ඩුව පිරිපහදු අක්‍රිය කළා. මේ ඩොලර් අර්බුදය වෙලාවේ මෙරට ගෑස් අවශ්‍යතාවයෙන් 10%ක් ලබාදීපු පිරිපහදුව අක්‍රිය කළාම මොනවද වෙන්නේ.

ඩොලර් ලක්ෂ 07ක් අවමය පිරිපහදුව නැති නිසා අපිට දිනකට වැය කරන්න වෙලා තියෙනවා. දැන් සේවකන්ට කරන්න දෙයක් නෑ. සේවකයන් බලාගෙන ඉන්නේ මේ පිරිපහදුව දුවනකම්. නමුත් පාලකයන් ඊට ඉඩ දෙන්නේ නැහැ.

ඩොලර්වලිනුත් කාලා රුපියල්වලිනුත් කනවා. ආණ්ඩුවේ පාලකයන් කොමිස් සූත්‍රය ගැන හිතන්නේ.

දැන් භූමිතෙල් කොහේවත් නෑ, තියෙන්නේ කොළඹ විතරයි. දින 21කින් භූමිතෙල් රටේ යවලා නෑ. අපේ පෙට්‍රල් ගත්තම හොඳට පිරිසිදුව තිබුණා. අවරණයි. අද පාට පාට පෙට්‍රල් තියෙන්නේ. ඩීසල් නිල් පාටට තිබුණේ අද මේ දෙකම කොළ පාටයි. මීට පෙර බාල පෙට්‍රල් ගෙනත් අපි ගත්තේ නෑ. වෙනදා ලීටරයකින් කිලෝ මිටර 10ක් ගියානම් අද දුවන්නේ 08යි. දැන් අපි ඩීසල් පෙට්‍රල් ගන්නේ නිෂ්පාදකයාගෙන් නෙවෙයි. වෙනත් අතරමැදි මුදලාලිලාගෙන්. මේ තෙල් බාලයි.

සිංගප්පූරුවෙන් තෝරාගත් තෙල් මුදලාලිලාගෙන් ගසා කන්න තෙල් මිලදී ගැනීමේ ක්‍රමයක් අපේ රටේ තියෙන්නේ.

දැන් තියෙන අන්තිම නැවට පස්සේ තෙල් මිල දී ගන්න විදියක් නෑ. දින තුනක් තුළ දී මුදල් ගෙවනවානම් පමණයි නැවක් එන්නේ. රටේ තෙල් නැතුව රට නතර වෙනවා.

සම්පූර්ණ සාකච්ඡාව පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!