-5.2 C
New York

බස්, ත්‍රී රෝද රථ අනතුරකින් තිදෙනකු මරුට

Published:

පොළොන්නරු මඩකලපුව මාර්ගයේ මනම්පිටිය කොටලීය පාලම අසළ දී බස් රථයක් හා ත්‍රී රෝද රථයක ගැටී තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අඹු සැමි යුවළක් හා ඔවුන්ගේ ඥාති කාන්තාවකි. යූ,ඩබ්ලිව්.ජී.රන්බණ්ඩා, ඔහුගේ බිරිද පී.කේ.නන්දාවතී සහ ටී.ජී.විමලා රන්දෙණිය නමැති කාන්තාවක් මෙලෙස මියගොස් ඇත.

මියගිය තිදෙනා අරලගංවිල අරුණපුර සිට මාතලේ ප්‍රදේශයේ ඥාති නිවසකට යමින් සිටිය දී මෙලෙස අනතුරට ලක්ව ඇත.

පොලිසිය පවසන්නේ ත්‍රී රෝද රථය තවත් බසයකට ඉස්සර කිරීමට යාමේ දී ඉදිරියෙන් ආ බසයේ ගැටී මේ අනතුර සිදුව ඇති බවයි.

Related articles

Recent articles

spot_img