-0.3 C
New York

දේශපාලකයන් ප්‍රතික්ෂේප කිරීමට සංඝ සම්මුතියක් සූදානම්

Published:

අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී අනතර්පාලන ආණ්ඩුවක් පිහිටුවන්නේ නැතිනම් සියලු දේශපාලනඥයන් ප්‍රතික්ෂේප කරමින් සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත්කරන බව මහා සංඝරත්නය පවසති.

ඊයේ (30) කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී සංඝ සම්මේලනයක් පවත්වා මේ කරුණු අවධාරණය කෙරිණි. ඉන් පසු සංඝ සම්මුතිය නිකුත් කිරීම සඳහා කොළඹ බෞද්ධ මහා සම්මේලනයට වැඩ කිරීමට ද සංඝයාවහන්සේලා කටයුතු කළහ.

පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියෝ මෙසේ කීහ.

“පසුගිය අවුරුදු දෙකහමාරක කාලයේ රට ගමන්කළ දිශානතිය ඉතාමත් වැරදියි යන්න අපේ වැටහීමයි. අමාත්‍යාංශය අවුල් වුණා. වැඩ කරන්න හැකියාවක් නැති අයට අමාත්‍යාංශ ලබාදුන්නා. රාජ්‍ය ආයතන විශ්‍රාම ලැබූ හමුදා නිලධාරීන් අතට පත්කළා. ඒවා විනාශ වෙලා ගියා. පෝළිම් යුගයක් ඇති කළා.”

ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ මෙසේ කීහ.

“අද විපක්ෂයේ කාර්යභාරය ඉටුවෙන්නේත් නැැ. රට ගිනිගන්නා වෙලාවේ විපක්ෂය තමන්ගේ ඔළුවට ඔටුන්න වැටෙනකම් බලාගෙන ඉන්නවා. මේ රට ආගාධයටම තල්ලු වෙනවා. ඒක පල්ලමට යන වාහනයක්. ඇතුළේ ඉන්න අය සුක්කානම අල්ලගන්න රණ්ඩු වෙනවා.”

Related articles

Recent articles

spot_img