-4.8 C
New York

බණ්ඩාරනායක පිළිරුවට නිගා කළේ කඩකප්පල්කාරීන්. සැබෑ අරගලකරුවන් නොවේ

Published:

ගාලු මුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුවට නිග්‍රහ සිදුවන ආකාරයෙන් පසුගිය දා කටයුතු කළේ සැබෑ අරගලකරුවන් නොවන බවත්, ජනතා අරගලය කඩාකප්පල් කිරීමට උත්සාහ ගන්නා කණ්ඩායමක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස අද (30) අනුරාධපුරයේ දී මාධ්‍ය හමුවේ මේ බව කියා සිටියේය.

බණ්ඩාරනායක පිළිරුවට නිග්‍රහ වන ආකාරයෙන් සැබෑ අරගලකරුවන් කටයුතු නොකළ බව අපි දන්නවා. එය කළේ මේ අරගලය කඩාකප්පල් කිරීමට උත්සාහ ගන්නා වෙනත් පිරිසක්. පසුගිය අප්‍රේල් 22 වැනි දා එක්තර වෙබ් අඩවියක තිබුණනා ගෝඨාගෝගම බණ්ඩාරනායක පිළිරුව බිඳද දැමිය යුත්තේ ඇයි කියා. ඔවුන් ඒ ලිපියෙන් ගොඩනැගූ කතිකාව හරහා තමයි මේ වගේ තත්තවයක් වුණේ කියා අපි විශ්වාස කරනවා.”

රාජපක්ෂවරු ඉවත්වන තුරු මෙම උද්ඝෝෂණ තත්වයෙන් ඔබ්බට ගොස් වර්ජනයක් දක්වා යා යතුු බවත් ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාදෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related articles

Recent articles

spot_img