බවුසර් රියදුරෝ තෙල් ප්‍රවාහනයෙන් ඉවත් වෙති

පුවත්

විදෙස්

ඉන්ධන ප්‍රවාහනය කිරීමෙන් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ප්‍රවාහනයෙන් ඉවත්වන බව ලංකා ඛනිජ තෙල් පුද්ගලික ටැංකි රථ රියදුරන්ගේග සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් ඩී.වී.ශාන්ත ද සිල්වා පවසන්නේ සිය ගෙවීම් ඉහළ දමන ලෙස ඉල්ලමින් මෙලෙස සේවයෙන් ඉවත්වන බවයි.

තෙල් ටැංකි රථ රියදුරන්ට ගාස්තු ගෙවන්නේ මිල සූත්‍රයක් අනුවය. එය ඉන්ධන මිල වැඩිවීමේ දී හෝ අඩු වීමේ දී වෙනස් එයට සමානුපාතිකව වෙනස් වෙයි. නමුත් මෙවර ඉන්ධන මිල වැඩිවුව ද එය ඔවුන්ගේ දිමනා වැඩි වී නැත. ඊයේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධව සාකච්ඡාවක් පැවැතිය ද එහි දී පිළිගත හැකි පිළිතුරක් නොලැබුණු බව ද ඔහු වැඩිදුරටත් කීවේය.

“අපි ඉල්ලීම් තුනක් ඉදිරිපත් කළලා. නමුත් බලධාරීන් අපේ ඉල්ලිම් තුනම ප්‍රතික්ෂේප කළා. ඒ නිසා අපි තීරණය කළා අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ප්‍රවාහනයෙන් ඉවත් වෙන්න.”

මේ අතර යුද හමුදාව පවසන්නේ අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන බවුසර අදාල පර්යන්තවලින් පිටවීමෙන් අනතුරුව ඒවා නියමිත වේලාවට පිරවුම්හළට ලැබෙන්නේ ද යන්න සම්බන්ධයෙන් නිරීක්ෂණය කරන බවයි.

ඉන්ධන බවුසරයක් පිටවූ පසු එය රැගෙන යන ප්‍රදේශය භාර යුද හමුදා කඳවුර දැනුමවත් කරන බවත් නිලධාරීන් කණ්ඩායමක් අදාල ස්ථානයට පිටත්කර යවන බවත් යුද හමුදාව පවසයි. බවුසර් ගමන් ගන්නා මාර්ගවලට යුද හමුදා නිලධාරීන් යෙදවීමට ද පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles