ගෝල්ෆේස් අරගලබිම තනි නොකරමින් ගොල්ෆේස් යාමට අපහසු ජනතාව වෙනුවෙන් තම නගරයට පැමිණ අරගලයට ශක්තියක් වන්නට රටපුරා අරගල බිම් නිර්මාණය කරන බව සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරයේ කැඳවුම්කරු දර්ශන තන්ත්‍රීගේ සඳහන් කරයි. ඒ අද (15) ගාල්ල නගරයේ අරගල බිමක් ආරම්භ කරමිනි. තවදුරටත් අදහස් දැක්වු ඔහු මෙසේ ද කීවේ ය.
“ප්‍රධාන සටන තිබෙන්නේ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගෝල් ෆේස් භුමියේ. නමුත් අපි සටන බිම් මට්ටමට ගෙන යනවා.තේමාව ගෝටා ගෝ හෝම්, රටේ හැම නගරයකම අරගල බිම් ගොඩනගමින් අපි සටන බිමට ගෙනියනවා. දකුණෙන් පටන් ගත්තා පළමු අතුරු සටන් මධ්‍යස්ථානය. දකුණෙන් සටන්ගත් පටන් පැරදිලා නෑ ඉතිහාසයේ කවදාවත්”


