9.9 C
New York

රජයේ ආයන බෙදා දෙයි. අලි සබ්‍රිට 83ක්, ජනපතිට 50ක්, අගමැතිට 43ක්

Published:

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පත්කිරිමට ජනාධිපතිවරයා එකඟ වී ඇතැයි ද ඒ අනුව නව අගමැතිවරයකු සහ සීමිත කැබිනට් මණ්ඩලයක් ඉදිරියේ දී පත්කරන බව ඊයේ (29) පැවැති සාකච්ඡාවකින් පසු ජනාධිපතිවරයා උපුටා දක්වමින් ඔහුගේ මාධ්‍ය ඒකකය නිවේදනය කළ ද ඊයේ (29) රාත්‍රියේ රාජ්‍ය ආයතන සහ විෂයයන් අමාත්‍යාංශ සඳහා වෙන්කිරිමේ නව ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර තිබේ.

රට ආර්ථික හා දේශපාලන අර්බුදයක පැටලී සිටින අවස්ථාවක 04 වැනි දා පාර්ලිමේන්තුව රැස්වූ විට සර්ව පාක්ෂික ආණ්ඩුවක යෝජනාවක් පාර්ලිමේන්තුවට එන්නේ නම් ඊට ද ජනාධිපතිවරයා කැමැත්ත දී ඇත්නම් මේ ආකාරයෙන් ආයතන බෙදා වෙන්කිරීම විහිළුවක් යැයි දේශපාලන විචාරකයෝ කියි.

මෙම ගැසට් පත්‍රය මගින් ආමාත්‍යාංශවලට සහ රාජ්‍ය අමාත්‍යාංශවලට අදාළ කාර්යයන් සහ කර්තව්‍යයන්, ආයතන සහ නෛතික රාමුව ද බෙදා වෙන්කර ප්‍රකාශයට පත්කර තිබේ.

මෙම ගැසට් පත්‍රය අනුව මුදල් ඇමති සහ අධිිකරණ අමාත්‍යවරයා වන අලි සබ්‍රි යටතට ආයතන 83ක් ගැසට් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමන්ගේ පාලනය යටතට ආයතන 50ක් ලබාගෙන ඇති අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යටතට ආයතන 48ක් ඇතුත් කර තිබේ.

Related articles

Recent articles

spot_img