spot_img
spot_imgspot_img

ගුවන් යානා අත්‍යාවශ්‍ය යැයි ආණ්ඩුවේ වෘත්තීය සමිති කියයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටිය දී, රුසියන් යුකරේන යුද්ධය සහ මෙරට ඇති තත්වය නිසා සංචාරක කරමාන්තය බිඳ වැටී ගුවන් ගමන් සීමා වී තිබිය දී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගත යුතුමයැයි ආණ්ඩුවට හිතවත් වෘත්තිය සමිතියක් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියි.

ඔවුන්ගේ එකම අපේක්ෂාව වී ඇත්තේ ගුවන් සමාගමට ගුවන් යානා 21ක් මිල දී ගැනීමේ ගනුදෙනුව සාධාරණීකරණය කිරීමයි.

ඔවුන් ඒ සඳහා කරුණු ලෙලස ඉදිරිපත් කරන්නේ මේ ගුවන් යානා ගනුදෙනුව වැරදියැයි කෝප් කමිටුව පවසන්නේ දේශපාලන වාසි ලබාගැනීමට බවයි.

කෝප් කමිටුව යනු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකි. එහි සභාපතිවරයා වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත්ය. ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් කල්බදු ක්‍රමයට ගුවන් යානා 21ක් මිල දී ගැනීම සම්බන්ධව කෝප් කමිටුවේ දී විමර්ශනය කිරීමෙන් අනතුරුව එම ප්‍රසම්පාදන ක්‍රියාවලිය තෙමසකට කල් දමන ලෙස නිර්දේශ කර තිබිණි.

එසේ තෙමසකට මේ ගනුදෙනු කල් දමන ලෙස නිර්දේශ කර තිබිය දී ශ්‍රී ලංකා ගුවන් සමාගමේ, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ඊයේ (29) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ මෙලෙස ගුවන් යානා මිල දී ගැනීම මාස තුනකට ක් දැමීමෙන් අතිවිශාල පාඩුවක් සිදුවන බවයි.

නමුත් පාඩුව සිදුවන්නේ කවර ආකාරයෙන් ද යන්න පිළිබඳ ඔවුන් නිශ්චිත පැහැදිළිකිරීමක් කරන්නේ නැත.

ඔවුන් පවසන්න් දැනට ශ්‍රී ලංකන් ගුවන් සමාගම යානා 21ක් භාවිතා කරන බවයි. ඉන් යානා 08ක ආයු කාලය අවසන්ව ඇති බැවින් ධාවනයෙන් ඉවත්කරන්න සිදුව ඇති බවත් දැනට භාවිතා කරන නවීනත ම ගුවන් යානයකට අපි ගෙවන මාසික ලීසිං වාරිකය ඩොලර් ලක්ෂ 07ක් නම් ඊට වඩා අඩුවට ඊටත් වඩා නවීන ගුවන් යානා දැන් මිලදී ගත හැකි බවත් එම වෘත්තීය සමිතියේ සභාපති ජනක විජයපතිරණන පවසයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගෙම් ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් හසන්ත යසරත්න මෙසේ කීවේය.

“ගුවන් යානයක් මිල දී ගන්න ක්‍රමවේදය පාර්ලමේන්තුවේ හැමෝම දන්නවා. මේ වෙලාවේ එයාලා දේශපාලන වාසි ගන්න ඒක පාවිච්චිකරනවා. මේ කරුණු වැරදි විදියට මිනිසුන් අතරට ගෙනියනවා. යහපාලන රජය ගුවන් යානා අවලංගු කරන්නත් කොමිස් ගත්තා. කවුරුවත් වචනයක් කතා කළේ නෑ. දැන් විපක්ෂයට ගිහින් දූෂණය වංචාව ගැන ලොකුවට කෑ ගහනවා.”

එම වෘත්තීය සමිතිය පවසන්නේ දැනට යානා 24ක් තිබෙන අතර ඉන් 08ක් ඉවත්කරන බවයි. එවිට 16ක් ඉතිරිවෙයි. තවත් යානා 21ක් මිල දී ගත් විට ශ්‍රි ලංකා ගුවන් සමාගම සතු යානා සංඛ්‍යාව 37ක් බවට පත්වෙයි.

පසුගිය කාලයේ යානා 24කින් කරන ලද සේවාවන් පවත්වාගෙන යාම සඳහා හදිසියේ ම යානා 37ක් දක්වා වැඩි කිරීමට අවශ්‍ය වන්නේ සැබැවින් ම මෙරටට සංචාරකයන්ගේ පැමිණීම වැඩි වී ඇති නිසාද ? නැතිනම් ලෝකයේ සංචාරක කර්මාන්තය විශාල වශයෙන් වර්ධනයක් දක්නට ඇති නිසා ද ?

නමුත්, කෝප් කමිටුව පසුගිය දා පෙන්වා දුන්නේ සංචාරක කර්මාන්තයේ බිඳ වැටීම, දැඩි ආර්ථික අර්බුදය සහ රුසියාවත් යුක්රේනයත් අතර යුද්ධය හේතුවෙන් ගුවන් ගමන් රැසක් සීමා වීම යන කරුණු සළකාබලා මෙලෙස නව ගුවන් යානා මිල දී ගැනීම මාස තුනක කාලයකට අත්හිටුවිය යුතු බවයි.

ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සමිතිය යනු ආණ්ඩුපක්ෂයේ මෙහෙයුම් ක්‍රියාදාමය තුළ පවතිින වෘත්තීය සමිතියකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!