spot_img
spot_imgspot_img

“බදු වැඩිකළ යුතුයි” – මුදල් ඇමති

පුවත්

විදෙස්

ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා බදු ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නැතැයි මුදල් අමාත්‍ය අලි සබ්‍රි කියයි.

2019 දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත්වූ විගස වැට් බද්ද 8%ක් දක්වා පහත හෙළීමට ගත් තීරණය නිවැරදි නොවන බවත් ඒ හේතුවෙන් එය ඉහළ දැමීමට සිදුවන බවත් ඔහු ජාත්‍යන්තර මාධ්‍යට පවසා තිබේ.

අත්‍යාවශ්‍ය ආනයනය කිරීමට සිදුවන රටක්වන ශ්‍රී ලංකාවේ දැනට පවතින වැට් බදු ප්‍රතිශතය කිසිසේත්ම රටේ ආර්ථිකය පවත්වාගෙන යාමට ප්‍රමාණවත් නැති බව ද මුදල් අමාත්‍යවරයා පවසයි.

වැට් බද්ද 14%ක් පමණ දක්වා වැඩි කළ යුතු බව ද ඔහුගේ අදහස වී තිබේ. මේ වසරේ ඉතිරි මාස සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට ඇමෙරිකානු ඩොලර් බිලියන 04කට වැඩිි මුදලක් ශ්‍රී ලංකාවට අවශ්‍ය බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!